“මෛත්‍රී-රනිල්” ගැටුමෙන් මහින්දගේ ගොඩ වැඩි වෙලා..!

(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේ දී, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර ගෙන ප්‍රහාරාත්මක ස්ථාවරයක සිටිමින් කටයුතු කිරීමේ…
(සුජිත් මංගල ද සිල්වා)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේ දී, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර ගෙන ප්‍රහාරාත්මක ස්ථාවරයක සිටිමින් කටයුතු කිරීමේ වාසිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අත් වෙමින් පවතින බව රාජ්‍ය බුද්ධි අංශ පෙන්වා දෙයි.
බුද්ධි අංශ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද පදනම 21 % දක්වාද එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම 42 % දක්වාද අඩු වී තිබෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද පදනම 29 % දක්වාද ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම 08 %දක්වාද වැඩි වී තිබෙන බවය.
දැන්වීම
ගෙවුණු සතිය ඇතුළත දී සිය මැතිවරණ ව්‍යාපාරයට අදාළව එක්සත් ජාතික පක්ෂය 44%ක ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 22%ක ද ඡන්ද පදනමක් හිමි කර ගෙන සිටි අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ පැවතියේ පිළිවෙළින් 28% සහ 07% සීමාවේය.
මේ අතර මේ පළාත් පාලන මැතිවරණයේ දී පාවෙන ඡන්ද සහ අලුත් ඡන්ද දිනා ගැනීමේ වැඩි ශාක්‍යතාවය විපක්ෂයට පවතින අතර ඊට හේතු වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුවේ ඒක හඬක් නොතිබීම සහ එකිනෙකා ඉලක්ක කර ගෙන ක්‍රියා කිරීම හැරුණු කොට සමස්ථ විපක්ෂයට බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමට අසමත්ව සිටීම ආදී කරුණු බව ද බුද්ධි අංශ නිරීක්ෂණය කර ඇත.
එමෙන්ම දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අගමැතිවරයා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂය කෙරෙහි ප්‍රහාරාත්මක ස්ථාවරයක සිටිමින් කටයුතු කළත් අගමැතිවරයාගෙන් සහ එම පක්ෂයෙන් ප්‍රතිප්‍රහාර එල්ල නොවන තත්ත්වය හමුවේ එක්සත් ජාතික පාක්ෂිකයින් අතර යම් උකටලී බවක් දිස්වන බවය.