අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“මෛත්‍රී-රනිල්” එකතුවෙන් තිලංග හෙළිදරව් වෙයි..!

“මෛත්‍රී-රනිල්” එකතුවෙන් තිලංග හෙළිදරව් වෙයි..!

“කරූ අගමැතිට ඇන්දුවේ තිලංග” (උපුල් බණ්ඩාර) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් 2020 දක්වාම එකට ගමන් කිරීමට සහ විශ්වාස භංග යෝජනාවට ඒකාබද්ධව මුහුණ දී පරාජය කිරීමට තීරණය…

“කරූ අගමැතිට ඇන්දුවේ තිලංග”

“මෛත්‍රී-රනිල්” එකතුවෙන් තිලංග හෙළිදරව් වෙයි..!

(උපුල් බණ්ඩාර)

ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් 2020 දක්වාම එකට ගමන් කිරීමට සහ විශ්වාස භංග යෝජනාවට ඒකාබද්ධව මුහුණ දී පරාජය කිරීමට තීරණය කිරීමත් සමග නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනකුගේ දේශපාලන කුමන්ත්‍රණ සහ සැලසුම් ව්‍යර්ථ වී තිබේ.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව යහ පාලන ජාතික ආණ්ඩුව අභ්‍යන්තරයේ උද්ගත වූ අර්බුදයයෙදී, එම අර්බුදය උත්සන්න කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් කෙසේ හෝ පහ කර කතානායක  කරු ජයසූරිය මහතා අගමැති කරවා අලුත් ආණ්ඩුවක් ඇති කිරීමේ තිරය පිටු පස මෙහෙයුම සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇත්තේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා බව මේ වන විට හෙළි වෙමින් පවතියි.

දැන්වීම

ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද උපක්‍රමිකව මෙහෙයවමින් ජනාධිපතිවරයාත් කතානායක කරු ජයසූරිය මහතාත් අතර පණිවිඩ හුවමාරු කළේ  තිලංග සුමතිපාල මහතා බව ජනාධිපතිවරයාට ඉතාම සමීප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරුන් පස් දෙන්නෙක් “lankanewsweek” සමග පැවසූහ.

කෙසේ නමුත් නියෝජ්‍ය කතානායක  තිලංග සුමතිපාල මහතා කර ඇති යෝජනාවට එකඟ වී නොමැති කතානායක කරු ජයසූරිය මහතා,  මුල සිටම කියා ඇත්තේ  උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ අගමැති ධූරය භාර ගන්නා ලෙසට තමාට කරන යෝජනාව අනුව තමාට  එම ධූරය එසේ භාර ගත හැක්කේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතගේ සහ එක්සත් ජාතික පක්ෂයේ ආශීර්වාදය ඇතිව පමණක් බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේ ඊයේ (30)  රාත්‍රියේ හමුවී සාකච්ඡා මාර්ගයෙන් සියලු ප්‍රශ්න විසඳා ගැනීමත් සමග කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු විවිධ නායකයින් අගමැති කරවීමට කළ සැලසුම් සියල්ල ව්‍යර්ථ වී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“මෛත්‍රී-රනිල්” එකතුවෙන් තිලංග හෙළිදරව් වෙයි..! | Lanka Newsweek