අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෛත්‍රී රනිල්ට දෙහි කපද්දී සජිත් අහක බලා ගනී..!

මෛත්‍රී රනිල්ට දෙහි කපද්දී සජිත් අහක බලා ගනී..!

සජිත් හොර රහසේ මෛත්‍රී මුණ ගැසීම රනිල්ට අතේ මාට්ටු..! රනිල්ට එරෙහිව මෛත්‍රී ඉනෝකා රකියි..! ජනාධිපති අගමැතිගේ මුහුණටම කිව්ව දේ මෙන්න..! (සුජිත් මංගල ද සිල්වා) අවුරුදු 3 ½ ක් තිස්සේ රටම කොට උඩ ගොස්…

සජිත් හොර රහසේ මෛත්‍රී මුණ ගැසීම රනිල්ට අතේ මාට්ටු..!

රනිල්ට එරෙහිව මෛත්‍රී ඉනෝකා රකියි..!

ජනාධිපති අගමැතිගේ මුහුණටම කිව්ව දේ මෙන්න..!

දැන්වීම

මෛත්‍රී රනිල්ට දෙහි කපද්දී සජිත් අහක බලා ගනී..!

(සුජිත් මංගල ද සිල්වා)

අවුරුදු 3 ½ ක් තිස්සේ රටම කොට උඩ ගොස් තිබෙන තත්ත්වයක් හමුවේ ජාතික රුපවාහිනිය කොට උඩ ගොස් තිබීම ගැන පමණක් කතා කිරීමේ ඇති ඵලය කුමක්දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඍජුවම ප්‍රශ්න කර තිබේ.

ජනාධිපතිවරයා,අගමැතිවරයාගෙන් මෙසේ ප්‍රශ්න කර තිබෙන්නේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව අඟහරුවාදා (09) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දෙපාර්ශවය හමුවූ අවස්ථාවේදීය.

ජාතික රූපවහිනී සංස්ථාවේ උද්ගත වී තිබෙන අභ්‍යන්තර තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට අවශ්‍ය බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ හමුව පැවැත් වුණු අතර අගමැතිවරයා සමග එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද එක් විය.

ජාතික රූපවාහිනියේ සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ පාලනය යටතේ එම ආයතනය අභ්‍යන්තරයේ අර්බුද ගණනාවක් මතු වී ආයතනය කොට උඩ ගොස් ති නිසා ඇය එම ධූරයෙන් පහ කර ඊට සුදසු පුද්ගලයෙකු පත් කර ගත යුතු යැයි අගමැතිවරයා එහිදී ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ කරුණු දැක්වීම අසා සිටී මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පිළිතුරු ලබා දෙමින් ඔහුගෙන් විමසා තිබෙන්නේ අවුරුදු 3 ½ ක් තිස්සේ රටම කොට උඩ ගොස් තිබෙන තත්ත්වය හමුවේ ජාතික රූපවාහිනිය කොට උඩ ගොස් තිබීම ගැන පමණක් කතා කිරීමෙන් ඇති ඵලය කුමක්ද කියාය.

ජාතික රූපවාහිනියේ පමණක් නොව ස්වාධීන රූපවාහිනිය අභ්‍යන්තරයේ ද අර්බුද ගණනාවක් මතු වී තිබෙන බවට තමාට තොරතුරු ලැබී තිබෙන බව එහිදී පෙන්වා දී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයාට සහ විෂය භාර අමාත්‍යවරයාට එම ප්‍රශ්න විසඳීමට නොහැකි නම් අදාළ ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සේවක සේවිකාවන් කැඳවා ඒ සියලු ප්‍රශ්න විසඳීමට  තමා සූදානම් බව ද  දැනුම් දී තිබේ.

එමෙන්ම සත්‍යාංගනී මහත්මිය ජාතික රූපවාහිනියේ සභාපති ධූරයට පත් කළේ තමා නොව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බව ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් යන මහත්වරුන් කල් ඇතිව වේලාවක් ඉල්ලා ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීමට යද්දී එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා සමග ඉතාම කුළුපගව සතුටු සාමීචියේ යෙදෙමින් සිට තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා සමග මෙසේ ඉතා කුළුපගව සතුටු සාමීචියේ යෙදී සිටිනවා දැකීමෙන් රනිල් වික්‍රමසිංහ සහ කබීර් හෂීම් යන මහත්වරුන් මවිතයට පත්ව මුහුණට මුහුණ බලා ගෙන ඇති නමුත් කිසිදු වෙනසක් පෙන්වීමෙන් වැළකී සිටීමට දෙදෙනා වග බලා ගෙන ඇත.

මේ සිද්ධියෙන් පැහැදිළි වන්නේ සජිත් ප්‍රේමදාස මහතාට වේලාවකින් කලාවකින් තොරව, ජනාධිපතිවරයාගේ කාර්යාලයේ දොරගුළු විවර වී තිබෙන අතර ඔහුට ඕනෑම අවස්ථාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසීමට හැකි සුපිරි අවස්ථාවක් හිමි වී තිබෙන බව යැයි අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.       

එමගින් මනාව පැහැදිළි වන්නේ ජනාධිපතිවරයාත් ඔහුත් අතර පවතින රහස් දේශපාලන ගනුදෙනු සහ එකඟතාවය යැයි ද ඔහු සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ හමුවේදී සියුම් උපහාසයක් එක්ක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රහාරයක් එල්ල කරමින් ඔහු මෙසේ විවේචනය කරද්දී සජිත් ප්‍රේමදාස මහතා සිය නායකයා වෙනුවෙන් වචයක්වත් කතා නොකර මුණි වත රැක තිබේ.

එමෙන්ම රටේ නායකයින් වන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඒ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න ඉඩ තබා එම ස්ථානයෙන් බැහැරට නොගොස්  සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයේම රැදී සිටීම විශේෂ සිද්ධියක් බවත් එම තත්ත්වය දේශපාලන සදාචාරයට පටහැනි වන අතර ඔහු එම ස්ථානයේ එසේ දිගටම රැදී සිටීමේ යටි අරමුණ කුමක්ද යන්න පිළිබඳව ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට හැකි බවත් අරලිය ගහ මන්දිරයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා “lankanewsweek” සමග වැඩි දුරටත් අවධාරණය කළේය.   

මෛත්‍රී රනිල්ට දෙහි කපද්දී සජිත් අහක බලා ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
මෛත්‍රී රනිල්ට දෙහි කපද්දී සජිත් අහක බලා ගනී..! | Lanka Newsweek