අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“මෛත්‍රී-රනිල්”ආරවුල දේශපාලන සැලසුමක්..!

“මෛත්‍රී-රනිල්”ආරවුල දේශපාලන සැලසුමක්..!

(සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මේ දිනවල ගැටුම් අති කර ගනිමින් සිටින්නේ දේශපාලන සැලසුමකට අනුව බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. කලින්ම කතාවී…

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මේ දිනවල ගැටුම් අති කර ගනිමින් සිටින්නේ දේශපාලන සැලසුමකට අනුව බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

කලින්ම කතාවී සැලසුම්සහගතව මේ දෙදෙනා මෙසේ රණ්ඩු කර ගනිමින් සිටිනේ ආණ්ඩු විරෝධී ඡන්ද දෙදෙනාගේ මලු දෙකට වෙන වෙනම එකතු කර ගෙන පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඒ මලු දෙක එකට එකතු කර ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ජනතාව අනුමත කළා යැයි කියන්නට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගාල්ලේ පැවති එම පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියේදී අවධාරණය කළේය.

දැන්වීම

පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රට ජනතාව ඉදිරියේ  තව තවත් ලොකු ලොකු රණ්ඩු අති කර ගනීවි යැයි පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මහතා මේ නාටකයට රැවටෙන්න එපා යැයි ද ඉල්ලා සිටියේය.

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“මෛත්‍රී-රනිල්”ආරවුල දේශපාලන සැලසුමක්..! | Lanka Newsweek