අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"මෛත්‍රී-මහින්ද" හවුලට බහුතරය නොමැති බව විජේදාස රාජපක්ෂම කියලා..!

"මෛත්‍රී-මහින්ද" හවුලට බහුතරය නොමැති බව විජේදාස රාජපක්ෂම කියලා..!

කතාව එළියට පැන්නේ ගල්කිස්සේ මළ ගෙදරකින්..! (උපුල් බණ්ඩාර) නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

කතාව එළියට පැන්නේ ගල්කිස්සේ මළ ගෙදරකින්..!

(උපුල් බණ්ඩාර)

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත්  තීන්දුව අසාර්ථක වනු ඇතැයි විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සිය දේශපාලන සගයෙකු සමග පවසා තිබේ.

අපේක්ෂා කළ මට්ටමේ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට සහය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතු නොවන තත්ත්වයක්  තිබෙන බව එහිදී කියා ඇති විජේදාස රාජපක්ෂ මහතා මේ වන විට තමාටත් රෙද්දක් ඇදගෙන පාරේ යන්න නොහැකි තත්ත්වයක්  උදා වී ඇතැයිද සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ගල්කිස්ස සිල්වෙස්ටර් පාරේ පැවති ඔහුගේ හිතවතෙකුගේ අවමඟුල්  උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී,එම අවස්ථාවටම එක්ව සිටි එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන කොළඹ දිස්ත්‍රීක්කයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු සමගය.

එම සංවාදය සමග එක්ව සිටි "lankanewsweek"  අභ්‍යන්තර තොරතුරුකරුවකු අප කණඩායම  වෙත වාර්තා කර සිටියේ ඉතා පසු තැවීමෙන් යුතුව  කළ ඒ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ ඔහු යළි එක්සත් ජාතික පෙරමුණට එක්වීමට වුණත් සුදානම් බව පෙනී ගිය බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"මෛත්‍රී-මහින්ද" හවුලට බහුතරය නොමැති බව විජේදාස රාජපක්ෂම කියලා..! | Lanka Newsweek