අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"මෛත්‍රී-මහින්ද" තීරණාත්මක හමුවක..!

"මෛත්‍රී-මහින්ද" තීරණාත්මක හමුවක..!

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ගැන දෙපාර්ශවය අතර මත ගැටුමක්..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන පාර්ශව දෙක අතර අතිශය තීරණාත්මක හමුවක්…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ගැන දෙපාර්ශවය අතර මත ගැටුමක්..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන පාර්ශව දෙක අතර අතිශය තීරණාත්මක හමුවක් අද (23) රාත්‍රී 7.00ට කොළඹ  පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වීමට නියමිතය.

එහිදී රටේ ජාතික දේශපාලන කේෂ්ත්‍රයේ උද්ගතවී ඇති තත්ත්වයද පාර්ලිමේන්තුවේදී  එක්සත් ජාතික පෙරමුණ ඇතුළු විපක්ෂ පාර්ලිමේන්තු  තේරීම් කාරක සභාව පත් කිරීමේදී මන්ත්‍රීන් 121ක බහුතරයක් පෙන්වීමේ සිද්ධියත් සමග ඇති වී තිබෙන තත්ත්වය සහ විශේෂයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කිරීම  කෙරෙහි යොමු වී ඇති  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ අවධානය පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකාබද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය වී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරනු ලැබූ එම අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු නොකළ යුතු අතර මේ කාරණය  සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් මස හත් වැනිදා ලබා දෙන තීරණය දෙස බලා ඉදිරි පියවර ගත යුතු බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න