“මෛත්‍රී-මහින්ද”අශුද්ධ හවුල පස් වැනි වතාවටත් පරාදයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව 123ක බහුතරයකින් සම්මතයි..! ජනපති කාර්යාලය වැටලීමට එජාපෙ සුදානම්..! “මෛත්‍රී-මහින්ද” පාර්ශව තෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවෙන් පැන යති..! (සුජිත් මංගල ද සිල්වා)…
අගමැති වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව 123ක බහුතරයකින් සම්මතයි..!
ජනපති කාර්යාලය වැටලීමට එජාපෙ සුදානම්..!
“මෛත්‍රී-මහින්ද” පාර්ශව තෙවැනි වතාවටත් පාර්ලිමේන්තුවෙන් පැන යති..!
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දුන් මූල්‍ය යෝජනාව අද (29) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 123ක බහුතරයකින් සභා සම්මත විය.
මේ අනුව ව්‍යවස්ථා සහ නීති විරෝධී යැයි කියන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කොට මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයට පත් කරමින් නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර පස් වැනි වතාවටත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වූ අතර මහින්ද රාජපක්ෂ කණ්ඩායමට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් නොමැති බව ද යළිත් තහවුරු විය.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ කතානායක කරු ජයසූරිය මහතා වෙත මේ මූල්‍ය යෝජනාව භාරදීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පිරිසකි.
මේ මුදල යෝජනාව සම්මත වූ අදින් පසුවත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ බහුතරය සහිත කණඩායමට ආණ්ඩු බලය ව්‍යවස්ථානුකුලව සහ නීත්‍යානුකුලව නොපැවරුව හොත් ඊට එරෙහිව රට පුරා ජනයා කොළඹට කැඳවා ජනාධිපති කාර්යාලය වටලන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දුන් මූල්‍ය යෝජනාව අද (29) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 123ක බහුතරයකින් සභා සම්මත වීමද, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කරමින් කතානායක කරු ජයසූරිය මහතා ඉදිරි පත් කළ නම් ලැයිස්තුවට නොවැම්බර් මස 23 වැනිදා පක්ෂව ඡන්ද 121ක් ලැබීම ද,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව 2018 නොවැම්බර් මස 14 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව, විපක්ෂය 122ක බහුතරයකින් ජය ගැනීමදඑම ජයග්‍රහණයම ආණ්ඩු පක්ෂයේ කඩාකප්පල්කාරී ක්‍රියා මධ්‍යයේ නොවැම්බර් මස 19 වැනිදා යළි තහවුරු කර ගැනීම සහ ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔක්තෝබර් මස 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා පත් කර, ඊට පසුව පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී නොවැම්බර් මස 07 වැනිදා නිල නොවන මට්ටමෙන් රැස් වූ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයින් 116ක් ජනාධිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් සිය විරෝධය කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දෙමින් ඊට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීමෙන් ද “මෛත්‍රී-මහින්ද”අශුද්ධ හවුල පාර්ලිමේතුවේදී පස් වැනි වතාවටත් පරාජය වූ බව මනාව හෙළි වන්නේ යැයි එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දෙයි.
එපමණක් නොව මහින්ද රාජපක්ෂ ඊනියා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් නොමැති බව ද එම ඊනියා ආණ්ඩුව ජාත්‍යන්තරව පවා පිළි නොගන්න අතර රටේ ජනතාව ද මේ ඊනියා ආණ්ඩුව නොපිළි ගන්න බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුළු රටම අරාජික කර රටේ ආර්ථිකය ද විනාශ කිරීම ඇතුළු අපරාධ සමබන්ධයෙන් ඔහු ජාතියෙන් සමාව ගත යුතු අතර මේ කාලය ඇතුළතදී සිදු පාඩුව මුල්‍ය වශයෙන් ගණන් බලා ඒ අති විශාල මුදල් සම්භාරය මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමෙන් ද ඒ අයට උපදෙස් දුන් අයගෙන් ද අය කර ගත යුතු බව ද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2