මෛත්‍රී පරිස්සමෙන්..! යාමීන්ව ගෙදර යැව්වේ මෙහෙමයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

චන්ද්‍රිකා ඉස්සරහට ආවේ කොහොමද..? ඉන්දියාව තරහ කර ගැනීමේ ප්‍රතිඵල..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) මෛත්‍රී පත් කළ අගමැති මහින්ද ඇතුළු කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම්…
චන්ද්‍රිකා ඉස්සරහට ආවේ කොහොමද..?
ඉන්දියාව තරහ කර ගැනීමේ ප්‍රතිඵල..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු)
මෛත්‍රී පත් කළ අගමැති මහින්ද ඇතුළු කැබිනට් මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පැවති ශ්‍රීලනිප රැස්වීමේදී මෛත්‍රී අමුතු කතාවක් කියා තිබිණි. අධිකරණය අපක්ෂාපතියි. ජනතාවගෙන් කොටසක් කියන අතර අධිකරණය ඒකපාක්ෂික යැයි කොටසක් කියනවා යැයි කියා තිබිණි.
ඔහු ඊළඟට කිව්වේ උසාවියෙ නඩු තීන්දු ගැන ජනතාවගෙන් සමහරු කියන්නේ පන්සලේ මහ නායක හිමිවරයෙක් කියන්න තිබුණ බණ විහාරාධිපති හිමි නමක් කියලයි කියාය.මෛත්‍රීගේ මේ කතාව ඇහෙනකොට මතකයට එන්නේ පසුගියදා මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් පරාජය වී ගෙදර ගිය මාලදිවයින හිටපු ජනාධිපති අබ්දුල් යාමින්ය.
අබ්දුල් යාමීන් එරට වසර ගණනාවක සිට ක්‍රියාත්මක වන "පළමුව ඉන්දියාව " නම් වූ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කොට "පළමුව චීනය"නම් වූ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න දත කාපු ජනාධිපතිවරයෙකි. ඔහු එරට ඉන්දීය ව්‍යපෘති නතර කොට චීන ව්‍යපෘති එරටට රැගෙන ආ ජනාධිපතිවරයෙකි. ඔහු මාලදිවයින් දුපතක් චීන නාවික හමුදා මුලස්ථානයක් පිහිටුවන්න දෙන්න යන බවට වූ ආරංචියෙන් ඉන්දියාව තැතිගෙන තිබිණි.
යාමීන් කිහිපවරක්ම ඉන්දීය විරෝධි කතා කියමින් චීනය පිනවන්න උත්සහ ගත අයෙකි. වරක් ඔහු සහ පවුල ගමන් ගත් යාත්‍රාවක පිපිරීමක් සිදු විය. එහිදී ස්නයිපර් ප්‍රහාරයකින් තමා සහ පවුල ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම කුමන්ත්‍රණය පිටුපස ආණ්ඩුවේ උප ජනාධිපති ඉන්නවාය කියා ඔහු උප ජනාධිපති ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබිය. මෙය චීනය ලියපු තිර පිටපතකට අනුව රඟ දැක්වූ නාඩගමක් බවට විදේශ රටවල් සැක පළ කළහ. මේ වන විට ලංකාවේ මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට ආ අලුතය. මහින්දගේ චීන වන්දනාව නිසා මහින්දව පරාජය කලේ ඉන්දියාව යැයි මාධ්‍යවේදීහු ප්‍රසිද්ධියේ කිහ.
කොළඹ චීන වරාය ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට මෛත්‍රී-රනිල් ආණ්ඩුව කටයුතු කළ නිසා චීනය සිටියේද තරහින්ය. මහින්දවාදීන් කියන ලෙස ඉන්දියාව මහින්දගේ ලේකම් මෛත්‍රීපාලව බලයට ගෙන ආවා සේ යාමීන්ගේ උප ජනාධිපති බලයට ගෙන එන්න ගේම ගහණු ඇතැයි චීනය යාමීන්ට ලණුවක් දුන්නාද දන්නේ නැත. කෙසේ හෝ යාමීන් ඝාතන කුමන්ත්‍රණකරුවා ලෙස ශ්‍රී ලාංකිකයෙක්ව අත්අඩංගුවට ගෙන පෙන්වුයේ ඉන්දීය හිතවාදී ලංකාවේ මෛත්‍රී- රනිල් ආණ්ඩුව ඉන්දියාවේ සහ බටහිර රටවල වුවමනාව මත චීන හිතවාදීන් යාමීන් ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් කරනවා මෙන්ය.
මෛත්‍රී -රනිල් ආණ්ඩුව ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව විරෝධය පළ කළේය. මාලදිවයිනේ උප ජනාධිපති ඇතුළු ඔහුගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගනිමින් යාමීන් යකා නටන්න ගත්තේ මේ සමගය. ඔහුගේ මේ තීරණයට එරෙහිව ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරු 12ක් විපක්ෂය සමග එක්වුහ. තම මන්ත්‍රීවරුන් 12 විපක්ෂය සමග එක්ව තමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනු ඇතැයි බිය වූ යාමීන් මන්ත්‍රීවරු 12 පාර්ලිමේන්තුවෙන් නෙරපා හරිනු ලැබීය. පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරිය මන්ත්‍රීවරු සහ අත්අඩංගුවට පත් වූ උප ජනාධිපති ඇතුළු ආධාරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීය. අගවිනිසුරුවරයා මන්ත්‍රීවරු 12 යළි පාර්ලිමේන්තුවට පත් කරන ලෙසත්,දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් නියෝගයක් දුන්නේය. යාමීන් එම නියෝගය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කිරීම වළක්වා අගවිනිසුරු අත්අඩංගුවට ගත්තේය.
මාලදිවයිනට ඉන්දීය හමුදා එවන්න යැයි මලදිවයින් විපක්ෂ නායක නජිඩ් ඉන්දියාවෙන් ඉල්ලීමක් කළේ මේ වන විටය. නජිඩ් මේ වන විට හිටියේ ලංකාවේය. ඉන්දියාව මාලදිවයිනට හමුදාව යැවුවේ නැත. ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර රටවල් පාවිච්චි කොට නජිඩ්ගේත් පවුලේ අයගේත් ඇමතිවරුන්ගේත් අතපය බදිනු ලැබීය. සම්බාධක පනවනු ලැබීය. විදේශ ගමන් තහනම් පනවනු ලැබීය.
මේ අතරතුර ලංකාව තුළ නජිඩ්ගේ නායකත්වයෙන් විපක්ෂය සහ ආණ්ඩුවේ යාමීන් විරෝධීන් එකට එක්වී යාමීන් විරෝධී සන්ධානයක් පිහිටවනු ලැබිය. පොදු අපේක්ෂකයා ලෙස ඊබ්‍රාහීම් මොහොමඩ් නම් කරනු ලැබීය. ඔහු යාමීන් පරාජය කොට ජනාධිපතිවරණය ජයගනු ලැබීය.
මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍රාහිම් දිවුරුම් දෙන උත්සවයට මෝඩි ගියේ සිංහයෙක් වගේය. හැබැයි ඒ වෙනකොට ලංකාවේ ජනාධිපති මෛත්‍රී, රනිල් සහ ආණ්ඩුව ඉවත් කොට මහින්දව අගමැති ධූරයට පත්කොට තිබිණි. මෛත්‍රී මේ තීරණය ගත්තේ තමාව ඝාතනය කිරීමට ඉන්දීය "රෝ" ඔත්තු සේවය කුමන්ත්‍රණය කරනවා කියා චෝදනා කරමින්ය.
ඔහු කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි කියා ඉන්දීය ජාතිකයෙක්ව අත්අඩංගුවට ගෙන තිබිණි. එසේම රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට පෙර කොළඹ වරායේ දැමුණු පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවට දීමේ රනිල්ගේ යෝජනාවකට මෛත්‍රී විරුද්ධ වී තිබිණි. එසේම මහින්දව අගමැති කලාට පසු පැවති පළමු කැබිනට් මණ්ඩලයේදී ම චීන ආධාර මත කොළඹ වරාය සංවර්ධනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගනු ලැබීය.
මෝඩි සිංහයෙක් වගේ මාලදිවයිනට ගියේ ලංකාවේ රතු මකරා යළි හිස ඔසවද්දීය. හැබැයි මාලදිවයින් නව ජනාධිපතිගේ දිවුරුම් දීමේ උළෙලේ අසුන් පනවා තිබුනේ අපුරු පිලිවෙලකටය. මෝඩි අසල සිටියේ මාලදිවයින් චීන හිතවතා වූ යාමීන්ව ගෙදර යවන විපක්ෂ සන්ධානය හදපු හිටපු මාලදිවයින් ජනාධිපති නජිඩ් ය. නජිඩ් අසලම හිටියේ ලංකාවේ චීන හිතවතා වූ මහින්ද ගෙදර යවන්න විපක්ෂ සන්ධානය හදපු ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකාය. එම උත්සවයේ මෛත්‍රී පත් කළ මහින්දගේ නව ආණ්ඩුවට තැනක් නොවිය. නව ආණ්ඩුවේ විදේශ ඇමතිට නව ජනාධිපතිව වෙනම හමුවීමටත් බැරි විය.
මාලදිවයින් නව ජනාධිපති දිවුරුම් දෙන උළෙලේ මේ නාටකය රඟදැක්වුයේ මාලදිවයින් ආණ්ඩුවේ තිර පිටපතකට අනුවද ඉන්දියානු ආණ්ඩුවේ තිර පිටපතකට අනුව ද කියන්න දන්නේ නැත."අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්" මෛත්‍රීට කියන්න තියෙන්නේ එපමණය.
-ගුරුදා විග්‍රහය-
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3