මෛත්‍රී පදින වාහනයේ වටිනාකම විතරක් කෝටි 30යි

ජීවත් වන නිවස කෝටි 100යි හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පාවිච්චි කරන වාහනයේ වටිනාකම විතරක් රුපියල් කෝටි 30ක් වේ. ඔහු මෙසේ පාවිච්චි කරන්නේ "Mercedes" සමාගම…
ජීවත් වන නිවස කෝටි 100යි

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පාවිච්චි කරන වාහනයේ වටිනාකම විතරක් රුපියල් කෝටි 30ක් වේ.
ඔහු මෙසේ පාවිච්චි කරන්නේ "Mercedes" සමාගම මගින් නිෂ්පාදිත "Maybach" වර්ගයේ අති නවීන සහ අධි සුඛෝපභෝගී වෙඩි නොවදින Car එකක් වන අතර සවුදි අරාබියේ රජතුමා පාවිච්චි කරන්නේ ද එම වර්ගයේම වාහනයකි.
දැන්වීම
තමා විශ්‍රාම ගියාට පසුව පාවිච්චි කිරීමේ අරමුණින් මහා ජන මුදල් කෝටි ගණනක් වැය කර මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම "Maybach" වර්ගයේ අති නවීන සහ අධි සුඛෝපභෝගී වෙඩි නොවදින Car එක ගෙන්වා ගෙන ඇත්තේ ජනාධිපති ධූරයේ සිටියදීමය.
ඊට අමතරව විශ්‍රාමික ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජීවත් වන නිවසේ වටිනාකම රුපියල් කෝටි 100ක් වන අතර ඔහු සිය ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් 240ක් අනුයුක්ත කර ගෙන සිටියි.