අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෛත්‍රී අන්දන්න ගොස් එස්.බී ඇණ ගනී..!

මෛත්‍රී අන්දන්න ගොස් එස්.බී ඇණ ගනී..!

ගෝඨා ගොඩදාන්න මෛත්‍රී පාවිච්චි කරන්න හදලා..! එස්.බී ට අල්ලපු ඇත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්ගයෙන් රට පුරා විශ්ව විද්‍යාලවල පාලක…

ගෝඨා ගොඩදාන්න මෛත්‍රී පාවිච්චි කරන්න හදලා..!

එස්.බී ට අල්ලපු ඇත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙයි..!

මෛත්‍රී අන්දන්න ගොස් එස්.බී ඇණ ගනී..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්ගයෙන් රට පුරා විශ්ව විද්‍යාලවල පාලක සභාවල සිටින එක්සත් ජාතික පක්ෂයෙන් පත් කෙරුණු සියලු දෙනා වහාම පන්නා ඒ ස්ථානවලට මහින්ද රාජපක්ෂ හිතවාදීන් පත් කර ජාතික විශ්ව විද්‍යාල පද්ධතියේ බලය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වටා ගොඩනැඟිමට එස් බී දිසානායක මහතා කළ කුමන්ත්‍රණය ලත් තැනම ලොප් වී තිබේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තමා සම්බන්ධ කර නොගැනීම හේතුවෙන් දේශපාලන වශයෙන් මේ වන විට අනාථ වී සටින එස් බී දිසානායක මහතා මේ සැලසුම සකස් කර ඇත්තේ ඒ හරහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප වීම සඳහාය.

විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් තිදෙනකු ඇතුළු ආචාර්යවරුන් කණ්ඩායමක් අඟහරුවාදා (21) පෙරවරුවේ සිය නිවසට කැඳවා ඇති එස් බී දිසානායක මහතා විශ්ව විද්‍යාලවල පාලක සභාවන්හී සිටින එක්සත් ජාතික පක්ෂයෙන් පත් කෙරුණු සියලු දෙනා පන්නා ඊට මහින්ද රාජපක්ෂට හිතවත් අය පත් කර ගනිමින් විශ්ව විද්‍යාල පද්ධතියේ බලය ගෝඨාභය රාජපක්ෂට ගෙන දිය යුතු යැයි අවධාරණය කර ඇත.

එමෙන්ම පේරාදෙණිය,රුහුණ සහ සබරගමුව විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන් එක්සත් ජාතික පක්ෂයට හිතවත් නිසා ඒ අය කෙසේ හෝ එම තනතුරුවලින් පහ කර ගත යුතු යැයි ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ධූරයට කෙසේ හෝ ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උප කුලපති සම්පත් අමරතුංග මහතා පත් කර ගත යුතු යැයි ද ඔහු මේ කණ්ඩායම වෙත තරයේ පෙන්වා දී තිබේ.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ විශ්ව විද්‍යාල අර්චර්යවරුන්ගේ සංගමයේ සභාපති ලෙස ක්‍රියා කරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය පී.එස්.එම් ගුණරත්න මහතා එම ධූරයෙන් ඉවත් කර ගත යුතු යැයි ද,මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ලෙස පත් කර ගැනීමෙන් පසුව පුරප්පාඩු වන ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උප කුලපති ධූරය සඳහා එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත් කර ගත යුතු යැයි ද එස් බී දිසානායක මහතා සඳහන් කර තිබේ.

මේ සැලසුම සාර්ථක කර ගැනීම සඳහා විශ්ව විද්‍යාල පාලක සභාවල සිටින එක්සත් ජාතික පාක්ෂිකයින්ට එම පක්ෂයට හිතවත් උප කුලපතිවරුන්ට එරෙහිව ජනාධිපතිවරයාට පැමිණලි කරන්න යැයි ද ඊට අමතරව ඒ අයට එරෙහිව ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසි ගන්වා විශ්ව විද්‍යාලවල උද්ඝෝෂණ ඇති කරන්න යැයි ද එස් බී දිසානායක මහතා එම කණ්ඩායමෙන් ඉල්ලා තිබේ.

එස් බී දිසානායක මහතාගේ කැඳවීමට අනුව මේ හමුවට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, රජරට විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සහ මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඒ කේ ඩබ්ලියු ජයවර්ධන යන මහත්වරුන්ද,කොළඹ සහ රජරට විශ්ව විද්‍යාලවල පීඨාධිපතිවරුන් තිදෙනකු ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසි එක් දෙනෙකු සහභාගී වී ඇත.

සිය සැලසුම පිළිබඳව පැහැදිළි කිරීමෙන් අනතුරුව එස් බී දිසානායක මහතා එම විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් ප්‍රධාන කණ්ඩායම රැගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගොස් තිබේ.

ඒ අනුව එස් බී දිසානායක මහතා උපදෙස් දුන් පරිදි අදාළ විශ්ව විද්‍යාල උප කුලපතිවරුන් එක්සත් ජාතික පක්ෂයට හිතවත් විශ්ව විද්‍යාල උප කුලපතිවරුන්ට සහ පාලක සභා සාමාජිකයින්ට එරෙහිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විවිධ කරුණු ඉදිරිපත් කරමින් පැමිණලි කර ඇත.

ඒ අවස්ථාවේදී වහාම මැදිහත් වී ඇති එස් බී දිසානායක මහතා “ඒකනේ...සර්,ඔබතුමා ඉන්න ඕනෑ මේ එක්සත් ජාතික පක්ෂයේ අයයි,ඒ පක්ෂයයි එක්ක නෙමෙයි කියන්නේ...”යනුවෙන් කියා ඇත.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කර තිබෙන්නේ “එස් බී...අපි මේ ගැන කෑම ටිකක් කාලා කතා කරමු...”කියා සියලු දෙනාටම සුදානම් කර කෑම කන්න ඉඩ දී එම අවස්ථාව මඟ හැර යාමය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
මෛත්‍රී අන්දන්න ගොස් එස්.බී ඇණ ගනී..! | Lanka Newsweek