මෛත්‍රීට එරෙහිව රනිල් පෙරළා තුරුම්පු ගහයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

“මෛත්‍රී-මහින්ද” හවුල පස් වැනි වතාවටත් පරාජය කිරීමට එජාපෙ සුදානම්..! මෛත්‍රී-රනිල් ගල උඩ සටන පාර්ලිමේන්තුවේදී සිකුරාදා..! දේශපාලන සොහොන් ලකුණු පහළ වෙයි-මරා ගෙන මැරෙන්නේ එජාපෙ තීරණය කරයි..! 113ක…
“මෛත්‍රී-මහින්ද” හවුල පස් වැනි වතාවටත් පරාජය කිරීමට එජාපෙ සුදානම්..!
මෛත්‍රී-රනිල් ගල උඩ සටන පාර්ලිමේන්තුවේදී සිකුරාදා..!
දේශපාලන සොහොන් ලකුණු පහළ වෙයි-මරා ගෙන මැරෙන්නේ එජාපෙ තීරණය කරයි..!
113ක බහුතරය පෙන්වන බව එස්.බී කියයි..!
ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් ස්වාධීන වන ලකුණු..!
(සරත් ඒකනායක)
ව්‍යවස්ථා සහ නීති විරෝධී යැයි කියන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුව පස් වැනි වතාවටත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබේ.
ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇති මූල්‍ය යෝජනාව සිකුරාදා (29) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 122ක් ඉක්ම වූ බහුතරයකින් පරාජයට පත් කරමිනි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ කතානායක කරු ජයසූරිය මහතා වෙත මේ මූල්‍ය යෝජනාව භාරදීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පිරිසකි.
මේ මුදල යෝජනාව සම්මත කිරීමෙන් පසුවත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ බහුතරය සහිත කණඩායමට ආණ්ඩු බලය ව්‍යවස්ථානුකුලව සහ නීත්‍යානුකුලව නොපැවරුව හොත් ඊට එරෙහිව රට පුරා ජනයා කොළඹට කැඳවා ජනාධිපති කාර්යාලය වටලන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.
ඊට සමගාමීව දුම්රිය,වරාය,ඛණිජ තෙල්,විදුලිය සහ ජල සම්පාදනය ඇතුළු බලපෑම් සහගත ක්ෂේත්‍රවල රට පුරා අඛණ්ඩ වැඩ වර්ජන කැඳවීමට ද එක්සත් ජාතික පෙරමුණ කටයුතු යොදා ඇත.
“මෛත්‍රී-මහින්ද” අශුද්ධ හවුලට පාර්ලිමේන්තුවේ 113ක බහුතරය නොමැති බව සිව් වතාවක් රට-ජනතාව හමුවේ ඔප්පු වී ඇති අතර ඒ අයට ජනතාවගේ ආශීර්වාදය ද නොමැති බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කරමින් කතානායක කරු ජයසූරිය මහතා ඉදිරි පත් කළ නම් ලැයිස්තුවට නොවැම්බර් මස 23 වැනිදා පක්ෂව ඡන්ද 121ක් ලැබීම ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව 2018 නොවැම්බර් මස 14 වැනිදා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව, විපක්ෂය 122ක බහුතරයකින් ජය ගැනීම ද එම ජයග්‍රහණයම ආණ්ඩු පක්ෂයේ කඩාකප්පල්කාරී ක්‍රියා මධ්‍යයේ නොවැම්බර් මස 19 වැනිදා යළි තහවුරු කර ගැනීම සහ ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔක්තෝබර් මස 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා පත් කර, ඊට පසුව පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී නොවැම්බර් මස 07 වැනිදා නිල නොවන මට්ටමෙන් රැස් වූ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයින් 116ක් ජනාධිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් සිය විරෝධය කතානායකවරයා වෙත ලිඛිතව දැනුම් දෙමින් ඊට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීමෙන් ද ඒ බව මානව හෙළි වන බව එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දෙයි.
කෙසේ නමුත් එස්.බී දිසානායක මහතා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම කියා සිටින්නේ එදාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩුව සිය මන්ත්‍රීන් 113ක බහුතරය පැහැදිළිව පාර්ලිමේන්තුවේ දී ඔප්පු කරන බවය.
මේ අතර එදිනටත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ගැනීමට නොහැකි වුණොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට අවසර දෙන්න යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විසි තුන් දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එසේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට කැමති අයට ජනාධිපතිවරයා ඒ සඳහා අවසර දී තිබේ.
තව දුරටත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අසමත් වන්නේ නම් මේ පියවර ගනිමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සිදු වන බව මහින්ද අමරවීර මහතා සිය කණ්ඩායමේ ස්ථාවරය පැහැදිළි කරමින් ඒ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද දැනුම් දී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
