මෛත්‍රීගේ හොරුත් මාට්ටු..!

ජනපති කාර්යමණ්ඩල ප්‍රධානි කෝටි දෙකක අල්ලසක් එක්ක අත්අඩංගුවට ..! යකඩ මල්ලටත් ගුල්ලෝ ගහයි..! (නිලන්ති චන්ද්‍රසේන) ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ…
ජනපති කාර්යමණ්ඩල ප්‍රධානි කෝටි දෙකක අල්ලසක් එක්ක අත්අඩංගුවට ..!
යකඩ මල්ලටත් ගුල්ලෝ ගහයි..!
(නිලන්ති චන්ද්‍රසේන)
ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන් කොළඹ තරු පහේ හෝටලයක් තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අද (3) මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා ප්‍රකාශ කරන්නේ රුපියල් කෝටි 56 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 10 කට කේවල් කර රුපියල් කෝටි 2 ක අත්තිකාරම් මුදලක් ලබාගන්නා අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බව බවයි.
මේ වන විට අත්අඩංගුවට ගත් නිලධාරින් දෙදෙනා අල්ලස් කොමිසමේ රඳවා වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවද එම මහතා ප්‍රකාශ කර සිටි.