අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෛත්‍රීගේ “රෝ”චෝදනාව රාජිත ප්‍රතික්ෂේප කරයි..!

මෛත්‍රීගේ “රෝ”චෝදනාව රාජිත ප්‍රතික්ෂේප කරයි..!

ශ්‍රී ලංකාව-ඉන්දියාව කෙටවීමේ කුමන්ත්‍රණයක්..! මාධ්‍ය වාර්තා බොරු..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට උත්සහ කළ බව කියන ඉන්දීය ජාතිකයා “රෝ” ඒජන්තවරයෙකු විය හැකි බවට…

ශ්‍රී ලංකාව-ඉන්දියාව කෙටවීමේ කුමන්ත්‍රණයක්..!

මාධ්‍ය වාර්තා බොරු..!

මෛත්‍රීගේ “රෝ”චෝදනාව රාජිත ප්‍රතික්ෂේප කරයි..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඝාතනය කිරීමට උත්සහ කළ බව කියන ඉන්දීය ජාතිකයා “රෝ” ඒජන්තවරයෙකු විය හැකි බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශය කළ බවට පළ වෙමින් පවතින මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය අමත්‍ය  දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා පැහැදිළිව අවධාරණය කර සිටියේ මේ කියන ඉන්දියානු ජාතිකයා “රෝ” ඒජන්තවරයකු බව කියමින් ශ්‍රී ලංකාවාත් ඉදියාවත් අතර ගැටුම් ඇති කිරීමේ උත්සහයක් තිබෙන බව යැයි ද රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

ඔහු මේ කරුණු අවධාරණය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධානී නාලක සිල්වා මහතාට අදාළව සිදු කෙරෙන පරීක්ෂණ සහ ඔහු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග ගැන කිසිවක් මෙතෙක් තමාට දැනුම් දී නොමැති බව ද රාජිත සේනාරත්න මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

▶ වීඩියෝව නරඹන්න

මෛත්‍රීගේ “රෝ”චෝදනාව රාජිත ප්‍රතික්ෂේප කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මෛත්‍රීගේ “රෝ”චෝදනාව රාජිත ප්‍රතික්ෂේප කරයි..! | Lanka Newsweek