මෛත්රීගේ පා ගමන බස් එකෙන් නිට්ටඹුවට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති මානෙල්) “රට වැනසූ අගමැති ගෙදර යනු” යන සටන් පාඨය යටතේ මහ නුවර සිට කොළඹට පැමිණෙන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පා ගමන වරකාපොල සට නිට්ටඹුව දක්වා ඊයේ (02) පැමිණ ඇත්තේ බස් රථයකින් බව හෙළි වී තිබේ.…
(නිලන්ති මානෙල්)
“රට වැනසූ අගමැති ගෙදර යනු” යන සටන් පාඨය යටතේ මහ නුවර සිට කොළඹට පැමිණෙන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පා ගමන වරකාපොල සට නිට්ටඹුව දක්වා ඊයේ (02) පැමිණ ඇත්තේ බස් රථයකින් බව හෙළි වී තිබේ.
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්රී ගුණරත්න මහතා ඊයේ (02) සිය කණ්ඩායම සමග වරකාපොළ සිට ටික දුරක් පැමිණ අනතුරුව එම කණ්ඩායම “MD 7875” අංකය දරන පෞද්ගලික බස් රථයට නංවා ගෙන නිට්ටඹුව දක්වා පැමිණ තිබේ.
සිය කණ්ඩායම සමග අද (03) උදේ ගමන් ආරම්භ කළ එක්සත් ජාතික නිදහස් පෙරමුණ ප්රධාන මෛත්රී ගුණරත්න මහතාගේ පෙළ පාළියේ මේ වන විට හතලිහක පමණ පිරිසක් පමණක් ගමන් කරන බව ආරක්ෂක බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙයි.
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ පෙළ පාලිය හෙට (04) පාර්ලිමේන්තු වට රවුමට ළඟා වී අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහය ලබා දෙන ලෙසට මන්ත්රීවරුන්ගෙන් ඉල්ලමින් උද්ගිෂණයේ යෙදීමය නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1