අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෛත්‍රීගේ ජනතා වටිනාකම රු. 1810යි

මෛත්‍රීගේ ජනතා වටිනාකම රු. 1810යි

නළුවෙකු නොවන එළුවකු යොදවා කොළඹ කැට හොල්ලලා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාස්කු වන්දිය ගෙවීම සඳහා නළුවෙකු නොවන එළුවකු යොදවා ජනතාවගෙන් සල්ලි එකතු කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ. ගෝඨාභය…

නළුවෙකු නොවන එළුවකු යොදවා කොළඹ කැට හොල්ලලා 

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාස්කු වන්දිය ගෙවීම සඳහා නළුවෙකු නොවන එළුවකු යොදවා ජනතාවගෙන් සල්ලි එකතු කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට කොන්දේසි විරහිතව කඩේ ගිය කලාකරුවෙකු යැයි කියා ගන්නා සුදත්ත තිලකසිරි නැමැත්තා යොදවා කොළඹ කොටුවේ දී මහා මහා ජනතාවගෙන් සල්ලි එකතු කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළත් ඔහුට ලැබී ඇත්තේ රුපියල් 1,810ක් වැනි සොච්චමකි.   

මහා ජනතාවගෙන් මෙසේ කැට හොල්ලා එකතු වූ රුපියල් 1810ක මුදල හිටපු ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට සුදත්ත තිලකසිරි මහතා කටයුතු කර ඇත.

හිටපු ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා මීට දින කිහිපයකදී ප්‍රකාශ කර තිබුණේ  අධිකරණයෙන් නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීමට ප්‍රමාණවත් තරම් වත්කමක් තමාට නොමැති හෙයින් එම මුදල් හිතවතුන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරන බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මෛත්‍රීගේ ජනතා වටිනාකම රු. 1810යි | Lanka Newsweek