මේ වසරේදී කොරියානු රැකියා 8000ක්

ලැබුණ රැකියා කෝටාව ඉක්මවා ශ්‍රමිකයින් බදවා ගැනීමට එකගතාවය ඊ 9 වීසා කාණ්ඩය යටතේ මේ වසරේදී නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා 600ක් - ලබන වසරේදී 900ක් කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට…
ලැබුණ රැකියා කෝටාව ඉක්මවා ශ්‍රමිකයින් බදවා ගැනීමට එකගතාවය
ඊ 9 වීසා කාණ්ඩය යටතේ මේ වසරේදී නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා 600ක් - ලබන වසරේදී 900ක්
කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග බදාදා (26) උදෑසන කළ සාකච්ඡාවකදී කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා එකගතාවය දක්වා ඇත.
කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා සහ අමාත්‍යවරයා අතර බදාදා (26) උදෑසන පැවැති සාකච්ඡාවේදී මේ එකගතාවය පල කර තිබේ.
කොරියානු භාෂා ප්‍රවීණතාවය සමත්ව දැනට වෙබ් අඩවිවියේ රැකියා අපේක්ෂාවෙන් සිටින, මේ වසරේ දෙසැම්බර් 31 දිනෙන් වෙබ් අඩවියේ කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදන අංශයේ රැකියා අපේක්ෂිතයින් අතරින් 600 දෙනෙක් නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු කිරීමට ද මෙහිදී එකගතාවය පලකර තිබේ. ඒ අනුව වෙබ් අඩවියේ කර්මාන්ත අංශයේ සිට නැව් ඉදිකිරීම් අංශය දක්වා රැකියා අංශය මාරු කිරීමෙන් මෙම රැකියා සදහා යොමු කිරීමට නියමිතය. එසේ නැව් ඉදිකරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සදහා අයදුම් කළ යුතුවේ.
ලබන වසරේ සිට ඊ 9 වීසා කාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා විභාග පවත්වා වෑද්දුම්කරුවන් සහ පින්තාරුකරුවන් 900ක් බඳවා ගැනීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකගතාවය දක්වා තිබේ.
ලබන වසරේ සිට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය, දැනට පවත්වන පරිඝනක පදනම්කරගත් CBT ක්‍රමය වෙනුවට UBT ක්‍රමය ඔස්සේ පවත්වන බවට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇත.