මේ තරම් විනාශයක් වෙලත් ආණ්ඩුව තවමත් නිල වශයෙන් ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි..?

රට විනාශ වෙලා-මිනිස් ජීවිත නැති වෙලා..! ආණ්ඩුව 2005 ව්‍යසන කළමනාකරණ පනත කියවලා නැද්ද..? ආණ්ඩුව ඒ පනතවත් කියවා නැද්ද..? විපක්ෂ නායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි මේ තරම් දැවැන්ත විනාශයක් සිදුව ඇති මොහොතක…
රට විනාශ වෙලා-මිනිස් ජීවිත නැති වෙලා..!
ආණ්ඩුව 2005 ව්‍යසන කළමනාකරණ පනත කියවලා නැද්ද..?
ආණ්ඩුව ඒ පනතවත් කියවා නැද්ද..?
විපක්ෂ නායක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
මේ තරම් දැවැන්ත විනාශයක් සිදුව ඇති මොහොතක තවමත් රජයෙන් ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ කර නොමැති වීම කණගටුවට කරුණක් බවත් කාලගුණ දෙපාර්තමේන්තුව කියන ආකාරයට ගිණිකොන දිසාවේ කි. මි. 170කට එහා ගැඹුරු පීඩන අවපාතයක් නිර්මාණය වී එම තත්ත්වය සුළි සුළගක් බවට පත්ව ඇති මොහොතක රජය මේ තත්ත්වය තවමත් ව්‍යවසනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බවත් 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමෙන්පී ඩනයට-අසහනයට පත් වූ පවුල්වලට ඉතාම ඉක්මනින් සහන ලබා දිය හැකි බවත් මීට අදාළ පුද්ගලයන්ට උපදෙස් දී ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දි අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාට කිව්වත් තවමත් එය ඉටු කර නොමැති බවත් අවම වශයෙන් රජය මේ ගැන ඇති අණ පනත් ගැනවත් නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම අයහපත් කාලගුණ තත්ත්වය නිසා විශාල ව්‍යසනයක් සිදුවී ජීවිත අහිමි වූ උන්හිටිතැන් අහිමි වූ හානියකට ලක් වූ අපේම රටේ ජනතාවට කණගාටුව මෙන්ම ශෝකය පුදකර සිටින බවත් මේ ආපදාව තුළ විපතට පත් ජනතාවට උදව් උපකාර කරන්නට කටයුතු කරන රජයේ නිලධාරීන් සියලු දෙනාටත් ආරක්ෂක අංශවලටත් සිය ස්තූතිය පුදකර සිටින බවත් මේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා අසහනයට, පීඩනයට හා හානියට පත් ජනතාවට අවශ්‍ය සහන ලබා දි ඔවුන්ට යම් සැනසීමක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.