අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මේක විලි ලැජ්ජ නැති ආණ්ඩුවක් - පාසල් සංවර්ධන නිලධාරීන්

මේක විලි ලැජ්ජ නැති ආණ්ඩුවක් - පාසල් සංවර්ධන නිලධාරීන්

පාසල් සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි ගුරුවරුන් රැවට්ටුවා..! කෝ දෙනවා කියපු තුනෙන් දෙක..? මේ අයව දින 3ක පුහුණුවක් දීල පාර්ලිමේන්තුවට දැන්මේ විපක්ෂ නායකවරයා විතරයි මේ ගැටළු…

පාසල් සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි

ගුරුවරුන් රැවට්ටුවා..! කෝ දෙනවා කියපු තුනෙන් දෙක..?

මේ අයව දින 3ක පුහුණුවක් දීල පාර්ලිමේන්තුවට දැන්මේ 

විපක්ෂ නායකවරයා විතරයි මේ ගැටළු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ

ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් ඉරිදා (16) ජනාධිපති ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. එහිදී අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දුන්නේ ඔවුන්ට සිදුවී ඇති අසාධාරණයට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

'වසර හයක් පුරාවට පාසල් පද්ධතියේ දරුවන්ට ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය කරපු, කොරෝනා කාලයේ රාජකාර ඉටු කරපු වගේම ගුරු හිඟය ආවරණය කරලා දීපු මේ ආදරණීය ගුරු භවතුන් ස්ථිර සේවයට එකතු කරන්න.

ගුරුවරයෙක් විදියට රාජකාරී කරපු මේ අයටත් ඒ පත්වීම්, ඒ සේවය ඉදිරියට කරගෙන යන්න දෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න කියන බලපෑම කරන්න තමයි අපි ආවේ. අපි මීට පෙරත් ජනාධිපති ලේකම් කාර්යාලය ළඟට ආවා. අධ්‍යක්ෂ ජනරාල්වරයත් එක්ක අපිට සාකච්ඡාවක් දුන්නා. අපිට කිව්වා ජනාධිපතිවරයත් එක්ක සාකච්ඡාවක් දෙනවා කියලා. අද වෙනකන් සාකච්ඡාවක් නෑ. ඒකයි අපිට ආයෙත් වතාවක් එන්න වුනේ. 

දැන්වීම

පහුගිය දවසේ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරනකොට කියනවා, අපිට විභාග ලියලා එන්න. පාරෙ පිකට් කරන්න එපා, ගෙදර යන්න කියලා අපිට කියනවා. අපි කියනවා ජනාධිපතිතුමනි විභාග ලියන්න පුළුවන් තැනක නම් අපි ඉන්නේ, ඒක ඔබතුමා අපිට කියන්න ඕන නෑ.. විභාග අපිට අලුත් දෙයක් නෙමේ. උපාධියක් ගන්න බෑ අත උස්සලා. මෙතන ඉන්න සියලු දෙනාම උපාධිධාරීන්, විභාග සමත් කරපු පිරිස. ඔබ කියන්න ඕන නෑ ගෙදර යන්න කියලා. අපි ගෙදර යනවා. ඔබ අපිට දෙන විසඳුම කියන්න. ගුරුවරු විදියට වැඩ කරපු මේ මිනිස්සුන්ගෙන් සේවය අරගෙන දැන් රම්පේ කරපිංචා වගේ විසිකරල දාන්න මොකක්ද තියෙන සදාචාරාත්මක අයිතිය කියලා අපි අහන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න නවක මන්ත්‍රීවරුන්ට දින තුනක පුහුණුවක් දීල මේ රටේ උත්තරීතර ආයතනයෙ වැඩ කරන්න මේ කට්ටියන්ට බාර දුන්නා. අපේ පුහුණුව අවුරුදු හයයි. එතකොට එතනට ඒක හරියන්නත් මෙතනට ඒක හරියන්නෙ නෑ කියන්නත් මොකක්ද තියෙන තාර්කික කාරණාව. පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ උත්තරීතර ආයතනය, මේ රටේ සියළුම දෙනා එතන ගන්න තීන්දු තීරණ වලට යටත්. 

ඒ නිසා අපි කියනවා ඒ දේවල් වලට සූදානම් වෙන්න එපා කියලා. 

ඒ වගේම අද වෙනකොට ගුරුවරු ටික රවට්ටලා තියෙන්නේ. 2/3ක දෙනවා කියලා පොරොන්දු වුණු ගුරුවරුන්ට කෝ තුනෙන් දෙක?.. ඒ ගුරුවරු වෙනුවෙන් පෙනී සිටි ඔබ ඒ ගුරුවරුන්ට තුනෙන් දෙක ලබාදීමට කටයුතු කරන්න. ඒ වගේම මේ වෙනකොට ගුරු සංගම් සියල්ලම අපි වෙනුවෙන් පෙළගැහිලා ඉවරයි. එක ගුරු සංගමයක් ඇරෙන්න අනිත් හැම ගුරු සංගමයම මේ සටනට දිරිය දීලා, ලියුම් නිකුත් කරලා, මේ සඳහා ශක්තිය ලබා දීලා තියෙනවා කියලා අපි කියන්න ඕනි.  කොරෝනා කාලයේ, ගුරු හිඟතාවේදී, ඒ වගේම ගුරුවරු විශ්‍රාම යන වෙලාවේ අපි තමයි මේ රාජකාරිය කරේ. ඔබ දන්නවා දුම්රිය රියදුරුවරු විශ්‍රාම යනකොට දුම්රිය නතර වුණා. හැබැයි ගුරුවරු ටික විශ්‍රාම යන වෙලාවේ, පාසල් පද්ධතියේ කඩන් වැටුණේ නෑ. අධ්‍යාපනය නතර වුනේ නෑ. ඒකට හේතුව මොකද්ද? මෙතන ඉන්න 16600 තමයි. ලැජ්ජ නෙවෙයි විලිලැජ්ජ වෙන්න ඕන ඔය වගේ තීන්දු තීරණ ගන්නකොට. 

අපිට උත්තර දෙන්න ඕනේ කියලා අපි කියනවා. එහෙම නැති උනොත් අපි අඛණ්ඩ ක්‍රියාමාර්ගවලට යනවා. මේ 16600ම ආණ්ඩුවේ හතුරො කරගන්න තමයි ඔය හදන්නේ.

අපි කියනවා මහින්ද ජයසිංහ මහත්තයෝ දේශපාලනය කරන්න එපා මේ මිනිස්සුත් එක්ක. අධ්‍යාපන ඇමතිතුමියට අපි කියනවා. දේශපාලනය කරන්න එපා මේ මිනිස්සුන්ගේ ජීවිතයත් එක්ක. මේ රැකියාව ස්ථිර කරලා දෙන්න.'

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මේක විලි ලැජ්ජ නැති ආණ්ඩුවක් - පාසල් සංවර්ධන නිලධාරීන් | Lanka Newsweek