මේක කයිවාරු ආණ්ඩුවක් බව අද මුළු රටම දන්නවා

වත්මන් ජනාධිපතිවරයයි මාලිමාවේ මන්ත්‍රීවරුනුයි මැතිවරණ වේදිකාවේ කියු දේවල් කරනකම් ජනතාව බලා සිටිනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි - (අචින්ත මධුර) අද ජනතාව වත්මන් රජය වේදිකාවේ කියපු…
වත්මන් ජනාධිපතිවරයයි මාලිමාවේ මන්ත්‍රීවරුනුයි මැතිවරණ වේදිකාවේ කියු දේවල් කරනකම් ජනතාව බලා සිටිනවා
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි -
(අචින්ත මධුර)
අද ජනතාව වත්මන් රජය වේදිකාවේ කියපු දේ කරනතුරු බලා සිටින බවත් ජවිපේ ආණ්ඩුව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් වේදිකාවේ කියු දේ කරනවා වෙනුවට ජනතාව අන්දවා මංමුලා කර අනාථ කර බොරු කියා මුසාව බෙදා හැර ලක්ෂ 220 ජනතාව අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කැලණිය ආසනයේ පෑලියගොඩ නගරසභා කොටසේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන හා එක්වෙමිනි.
පසුගිය දිනවල රජයට බලපෑම් කර ජන හමු පවත්වා අනතුරුදායක තත්ත්ව හෙළිදරව් කර විදුලි බිල වැඩි කරන්න ඇති සියලු සැලසුම් හකුළා ගන්නා ලෙස අනතුරු ඇගවු බවත් අද රටේ ඇත්තේ අයිඑම්එෆ් පදයට පටන ආණ්ඩුවක් බවත් අයිඑම්එෆ් එකේ කිමට ජනතාව කරපිට බර පටවන ආණ්ඩුවක් බවත් විපක්ෂයේ සිටින විට නව අයිඑම්එෆ් ගිවිසුමක් ඇති කර ගන්නවා යැයි පැවසුවත් දැන් අයිඑම්එෆ් කිමට විදුලි බිල වැඩි කරන්න සූදානම් බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා කියු වත්මන් රජය 6.8% විදුලි බිල වැඩි කරන්න කටයුතු කළ බවත් රජය මැතිවරණ වේදිකාවේ පොරොන්දු වු ආකාරයට 33% විදුලි බිල අඩු කරන්න මහපාරේ අරගල කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
අද රටේ ඇත්තේ වැඩබැරි රජයක්
ලක්ෂ 220 ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මෙ යුතුකම ඉටු කළ යුතු බවත් අද රටේ ඇත්තේ වැඩබැරි රජයක් බවත් සංවර්ධන ගමනක් යන්න බැරි බවත් 2028 වන විට අප විදේශීය ණය ගෙවිය යුතු බවත් වසරකට ඇ ඩොලර් බිලියන 5.5 ක් ණය ගෙවිය යුතු බවත් එය කරන්න නම් ආර්ථික වර්ධනය ඉහළ ගොස් සෘජු විදේශ ආයෝජන ගලා ආ යුතු බවත් අප රටේ සමබර ආර්ථික වර්ධනයක් සිදුවන විට සමාජ සාධාරණයක් සිදුවිය යුතු බවත් බෙදීම් නැතිව එකමුතු වී බෙදාගත හැකි සෞභාග්‍යයක් උදාකර ගත යුතු බවත් සැවොම ඇතුළු කර ගත් ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රජය නව අයිඑම්එෆ් ගිවිසුමකට ගියා නම් මේ ගැටලු කිසිවක් නැහැ
2025-2028 කාලයේ මේ වෙනුවෙන් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් වේදිකාවේ කියු ආකාරයට අයිඑම්එෆ් එක සමග කතා කර නව ගිවිසුමකට ගියා නම් ණය ගෙවන වසර ඉදිරියට දා ගන්න පුලුවන් වුණා නම් ආර්ථික වර්ධනය වේගවත් කළ හැකි බවත් ගෝලීය ආර්ථික අර්බුධ දැක දැක මේ කොන්දේසි වෙනස් කරන්න බැරි බවට වත්මන් ජනාධිපතිවරයා කිියු බවත් හිටපු රජය වැරදි අයිඑම්එෆ් ගිවිසුමක් අත්සන් කළ පසු වත්මන් රජයද එය පිළිගෙන ඇති බවත් විපක්ෂ නායක තවදුරටත් පැවසීය.
හිටපු රජය අඩිපාරේ තමයි වත්මන් රජයත් යන්නේ
2033 ණය ගෙවන්න තිබු අවස්ථාව 2028 දක්වා හිටපු රජය අඩුකළ එක වත්මන් රජය පිළිගෙන ඇති බවත් වත්මන් රජයට කොන්දක් ඇත්නම් 2033 සිට ණය ගෙවන්න මේ අයි එම් එෆ් ගිවිසුම වෙනස් කළ යුතු බවත් එවැනි යෝජනාවකට වත්මන් රජයට එළැඹිය නොහැකි බවත් මොවුන්ට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා මෙන්ම නිවැරදිව වැඩපිළිවෙළක් හා දර්ශකයක් ද නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.