මෙහෙම නිරෝධායන ඇඳිරි නීතියකින් ඵලක් නෑ

අවසන් සතිය තුළ සංචරණය සීමා පැනවීමේදී නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම දුර්වල මට්ටමේ තිබුණු බවත් අනවශ්‍ය ලෙස වාහන සහ ජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරන බැවින් තව කොතරම් දුරට දීර්ඝකළත් සංචරණ…
අවසන් සතිය තුළ සංචරණය සීමා පැනවීමේදී නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම දුර්වල මට්ටමේ තිබුණු බවත් අනවශ්‍ය ලෙස වාහන සහ ජනතාව මාර්ගවල විශාල වශයෙන් ගමන්කරන බැවින් තව කොතරම් දුරට දීර්ඝකළත් සංචරණ සීමා පවත්වාගෙන යන්නේ මේ ආකාරයට නම්, කිසිදු ඵලක් නොමැති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියි.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා තව දුරටත් මෙසේ ද පැවසීය.
"මෙවැනි ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වෙනවා නම්, අපි නිරෝධායන ඇඳිරිනීතියට අවනත නොවන සේ කටයුතු කරනවා නම් සහ බලධාරීන් නිරෝධායන ඇඳිරිනීතිය නොතකමින් බලපත්‍ර ලබාදීම් වැනි කටයුතු කරමින් මෙවැනි දේ වෙන්න ඉඩ අරිනවානම්. ජනතාවට අවශ්‍ය ලෙස සංචරණය කරන්නට ඉඩ අරිනවානම්.
දැන්වීම
මේ ඇඳිරිනීතියෙන් කිසිම ඵලක් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බලපත්‍ර ලබාදීමක් සිද්ධ වෙනවා. ඒ බලපත්‍ර ලබාදීමට අමතරව නොයෙකුත් පාර්ශව නම්කරලා තිබෙනවා ගමන් කිරීම සඳහා මේ පාර්ශව අතර කිසිදු අත්‍යවශ්‍ය නොවන පාර්ශව විශේෂයෙන් එකම ආහාර අලෙවිකිරීම සඳහා විශාල සංඛ්‍යාවක් මාර්ගයේ ගමන්කරනවා.
ප්‍රවාහනය කිරීම සඳහා විශාල සංඛ්‍යාවක් ගමන් කරනවා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවලට මුවාවෙලා විශාල සංඛ්‍යාවක් අනවශ්‍ය ලෙස මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා නිසි ආකාරව පරික්ෂාකරලා දැඩි ක්‍රියාමාර්ග ගන්න කියලා අපි පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරනවා."