මෙහෙකාර දරුවන් ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක්
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදවන කොළඹ හා බස්නාහිර පළාත ආශ්‍රිත නිවාස ,ඇතුළු ස්ථාන සොයා පොලිසිය ඊයේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඒ මෙහෙයුමට අමතරව මෙහෙකාර සේවයේ යොදවා…
(හේමන්ත තුසිත කුමාර)
බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදවන කොළඹ හා බස්නාහිර පළාත ආශ්‍රිත නිවාස ,ඇතුළු ස්ථාන සොයා පොලිසිය ඊයේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඒ මෙහෙයුමට අමතරව මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කාර දරුවන්ගේ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසියෙන් දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබේ.
කොළඹ හා ඒ අවට ප්‍රදේශවල සිටින මෙහෙකාර සේවයේ නිරත දරුවන් සම්බන්ධයෙන් වු තොරතුරු 0112 433 433 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1