අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෙරට සුන්දරත්වය විඳින්න ලොව පුරා සංචාරකයින්ට ආරාධනා..!

මෙරට සුන්දරත්වය විඳින්න ලොව පුරා සංචාරකයින්ට ආරාධනා..!

(හේමන්ත තුසිත කුමාර) මෙරටේ සුන්දරත්වය විඳිමින් දැනුම හා අත්දැකීම් ලැබෙන අර්ථාන්විත සංචාරවල නිරත වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සංචාරකයින්ට ආරාධනා කර සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.…

(හේමන්ත තුසිත කුමාර)

මෙරටේ සුන්දරත්වය විඳිමින් දැනුම හා අත්දැකීම් ලැබෙන අර්ථාන්විත සංචාරවල නිරත වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සංචාරකයින්ට ආරාධනා කර සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ ඒ බව පැවසුවේ ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංචාරක දින පණිවිඩය නිකුත් කරමින් වන අතර එහි මෙසේද සඳහන් විය.

ඓතිහාසික, පාරිසරික හා දේශගුණික ආදී වශයෙන් සුවිශේෂී වටිනාකමක් සහිත රටක් වන ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් මේ දක්වා ම සංචාරක ආකර්ෂණය ලත් භූමියකි. විවිධ සංචාරක සේවා සපයමින් රටට විදේශ විනිමය ගෙනෙන කර්මාන්තයක් ලෙස ද පවත්වාගෙන ගිය සංචාරක කර්මාන්තය කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ අකර්මන්‍ය ව පැවතිණ.

දැන්වීම

එහෙත් ලෝකයේ විවිධ රටවල් සංචාරකයින් සඳහා අවසර ලබා දීමත් සමඟ ම ශ්‍රී ලංකාව කෙරෙහි ද සංචාරක අවධානය වඩාත් යොමු ව තිබේ. එහෙයින් සියලු නිරෝධායනය නීතිරීතිවලට අනුකූල ව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු කිරීම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සියල්ලන්ට ම අස්වැසිල්ලක් වනු ඇත.

මෙරටේ සුන්දරත්වය විඳිමින් දැනුම හා අත්දැකීම් ලැබෙන අර්ථාන්විත සංචාරවල නිරත වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලොව පුරා සංචාරකයින්ට ආරාධනා කර සිටීමට අද දිනය මම අවස්ථාවක් කර ගනිමි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මෙරට සුන්දරත්වය විඳින්න ලොව පුරා සංචාරකයින්ට ආරාධනා..! | Lanka Newsweek