මුහුදු ගොස් අතුරුදහන් වූ ධීවරයින් පිළිබඳව සොයා බැලීමට සජිත් හලාවතට

(අචින්ත මධුර) හලාවත ප්‍රදේශයෙහි වැල්ල ධීවර ගම්මානයේ ධීවරයෙන් දෙදෙනෙකු මීට දින 10කට පෙර සිය රැකියාව සඳහා මුහුදු ගිය අවස්ථාවේදී කුනාටුවකට අසූවී හදිසි අනතුරකට ලක්විය. මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරින්…
(අචින්ත මධුර)
හලාවත ප්‍රදේශයෙහි වැල්ල ධීවර ගම්මානයේ ධීවරයෙන් දෙදෙනෙකු මීට දින 10කට පෙර සිය රැකියාව සඳහා මුහුදු ගිය අවස්ථාවේදී කුනාටුවකට අසූවී හදිසි අනතුරකට ලක්විය. මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරින් කොතෙකුත් දැනුවත් කළද කිසිත් නොවී ඇති අතර දින දහයකට පසුත් එක මළ සිරුරක් ගම්වාසීන් විසින් සොයාගත්තද අනෙක් ධීවරයා සොයාගන්නට නොහැකි වී තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (28) හලාවත ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදී මේ සම්බන්ධයෙන් දැනුවත් වූ පසු එම අතුරුදන් වූ ධීවරයන්ගේ නිවෙස් වෙත ගොස් මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව සොයා බැලීමට කටයුතු කරනු ලැබීය.
එහි දී සජිත් ප්‍රේමදාස මහතා මියගිය අයගේ පවුලේ සාමාජිකයන් ද හමු වී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලූ අතර එම අවස්ථාවේදීම ගුවන් හමුදාපතිතුමන් අමතා අතුරුදන් වූ ධීවරයා සෙවීමට හෙලිකොප්ටරයක් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වූ ගුවන් හමුදාපතිවරයා විසින් මෙම ධීවරයන් සොයා ගැනීමට හෙලිකොප්ටර් යානයක් යොදවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
මෙම අවස්ථාවට විපක්ෂ නායකවරයා සමඟ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සහ චිත්‍රල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ද සහභාගී විය.