මුස්ලිම් අන්තවාදීන් පිනා ගිය රොකට් ප්‍රහාරය

(හේමන්ත තුසිත කුමාර) මීට පෙර සිකුරාදා දිනයේ හිස්බුල්ලා සංවිධානය (Hezbollah) ලෙබනනයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 20 කට ආසන්න ප්‍රමාණයක් එල්ල කරන ලදී.එහිදී අයන් ඩෝම් මිසයිල ආරක්‍ෂක පද්ධතිය…
(හේමන්ත තුසිත කුමාර)
මීට පෙර සිකුරාදා දිනයේ හිස්බුල්ලා සංවිධානය (Hezbollah) ලෙබනනයේ සිට ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 20 කට ආසන්න ප්‍රමාණයක් එල්ල කරන ලදී.එහිදී අයන් ඩෝම් මිසයිල ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් එල්ල වූ රොකට් ප්‍රහාර වලින් 10ක් විනාශ විය .ලෙබනන් දේශ සීමාවේ හර් ඩෝව් අසල ප්‍රදේශ වලට රොකට් ප්‍රහාර 6ක් කඩා වැටුණි. අනෙක් ඒවා ලෙබනනයටම කඩා වැටුණි.
ලෙබනනයේ පලස්තීන බලවේග වල එකමුතුව , හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායෙල් ජනාවාස ඉලක්ක කර පහර දීම පිළිබඳව සිය ප්‍රශංසාව පල කර ඇත.
පලස්තීනයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය හිස්බුල්ලා ප්‍රහාරය පිළිබඳව සතුට පළ කල අතර පූජනීය ස්ථාන,අරාබි සහ ඉස්ලාමීය ඉඩම් මුදා ගන්නා තුරු ඊශ්‍රායලය සමඟ සටන සෑම අතින්ම සිදු විය යුතු බව පැවසීය.
දැන්වීම
හමාස් සංවිධානයට පසු ගාසා තීරයේ ක්‍රියාත්මක දෙවන විශාලතම ත්‍රස්තවාදී කණ්ඩායම වන පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් (පීඅයිජේ) සංවිධානය ද ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීම ගැන හිස්බුල්ලා සංවිධානයට ප්‍රසාදය පල කර ඇත.
හමාස් සංවිධානයේ නිලධාරියෙකු වන අබ්දෙල් ලතීෆ් අල්-කැනෝ ඊශ්‍රායෙල් ජනතාවට එරෙහිව ප්‍රතිරෝධය වැඩි කරන ලෙස බටහිර ඉවුරේ ජීවත් වන පලස්තීන මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව ගාසා තීරයේ සිට ඊශ්‍රායෙල් භූමිය වෙත ගිනි අවුලුවන බැලූන් යැවීම අඛණ්ඩව දියත් කරන බවට හමාස් සංවිධානය පොරොන්දු වී ඇත.


