මුල් ළමා විය සංවර්ධනය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍යයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද වන විටත් කාලයක් පුරාවටම අප රටේ පෙරපාසල අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ අවිධිමත් හා නියාමන පද්ධතියක් හෝ ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත් වානිජ කරණයට ලක්විම නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී ඇති…
අද වන විටත් කාලයක් පුරාවටම අප රටේ පෙරපාසල අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ අවිධිමත් හා නියාමන පද්ධතියක් හෝ ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත් වානිජ කරණයට ලක්විම නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී ඇති බවත් ගාස්තු අවධිමත් ආකාරයට අය කිරීම නිසා අපහසුතාවට පත්ව ඇති බවත් ඊට අමතරව ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියන් හා පාලිකාවන්ට ලැබෙන දීමනා ද අඩු නිසා ඒ අයට ආර්ථික රැකවරණය ද අහිමි වි ඇති නිසා බහුවිධ ප්‍රශ්න අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එබැවින් පෙරපාසල් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කර පළාත් සභාවලට අවශ්‍ය ආකාරයට ප්‍රඥප්ති නිර්මාණය කිරිමට ඉඩ නොදිය යුතු බවත් දරුවන්ගේ මොළයේ වර්ධනය 70%ක් සිදු වන්නේ උපතේ සිට පෙරපාසල් සමයේ වුවත් මේ මුල් ළමා විය අප රටේ නිදහස් නිවහල් නොවන බවත් පෙරපාසල දූදරුවන්ගේ පෝෂණ මට්ටම් ගැන ජාතික වැඩසටහනක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.