මුදල් ඇමති ලෙස බැසිල් වැඩ අරඹයි

(හේමන්ත තුසිත කුමාර) ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා (08)…
(හේමන්ත තුසිත කුමාර)
ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා (08) උදෑසන මුදල් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දීම සිදුවිය.
අමාත්‍යාංශ විෂය පථ සංශෝධනය විමත් සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධුරයේ දිවුරුම්දීම ද සිදු වූ අතර මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ සිටියදී ඔහු යටතේ පැවැති ආයතන හා කාර්යය කිහිපයක් ඔහු නව අමාත්‍ය ධුරය දරණ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කර තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගෙන ඇත.