අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට ලලිත් සමරකෝන්..?

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට ලලිත් සමරකෝන්..?

2018 අය-වැය ජනපති අතට ගනී..! (සුමුදු පෙරේරා) මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ආර්ථික සභාවේ සභාපති මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ළඟදීම පත් කරනු ඇතැයි…

2018 අය-වැය ජනපති අතට ගනී..!

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට ලලිත් සමරකෝන්..?

(සුමුදු පෙරේරා)

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ආර්ථික සභාවේ සභාපති මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ළඟදීම පත් කරනු ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග පවසයි.

මේ පත් කිරීම 2018 අය වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමට පෙර සිදු වනු ඇතැයි ද මෙවර අයවැය තීරණාත්මක එකක් වන නිසා රටට ජනතාවට සෙත සැලසෙන පරිදි අය වැය යෝජනාවලිය සකස් කිරීමේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියතට ගෙන මෙහෙය වනු ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යංශයේ වැඩ පිළිවෙළ,ක්‍රියා මාර්ග සහ සැලසුම් පිළිබඳව යම් විවේචනාත්මක ස්ථාවරයක සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා එම ධූරයෙන් පහ කරන්න යැයි එවකට ජනාධිපති ලේකම්ව සිටි ඔස්ටින් ප්‍රනාන්දු මහතාට මීට පෙර ද නියෝග කර තිබිණ.

කෙසේ නමුත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා එම අවස්ථාවේදී එම ධූරයෙන් ඉවත් කිරීමට නොහැකි වී තිබෙන්නේ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ එම නියෝගය ක්‍රියාත්මක කිරීමට පෙර ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තොරතුරු හෙළි කිරීමෙන් නියෝගය ක්‍රියාත්මක කිරීමට නොහැකි පසුබිමක් නිර්මාණය කිරීම හේතුවෙනි.

ඔස්ටින් ප්‍රනාන්දු මහතාට ජනාධිපති ලේකම් ධූරයෙන් හදිසියේම ඉල්ලා අස්වීමට සිදුව තිබෙන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සම්බන්ධයෙන් දුන් මේ නියෝගය පිළිබඳ තොරතුරු ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නේ යැයි කියන මේ සිද්ධිය මතය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට ලලිත් සමරකෝන්..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මුදල් අමාත්‍යංශයේ ලේකම් ධූරයට ලලිත් සමරකෝන්..? | Lanka Newsweek