අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මුජිබර් රහුමාන් කොළඹ පුරපති සටනට

මුජිබර් රහුමාන් කොළඹ පුරපති සටනට

සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් සිකුරාදා (20) පෙරවරුවේ ඉල්ලා අස්…

සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් සිකුරාදා (20) පෙරවරුවේ ඉල්ලා අස් විය.

ඔහු මෙසේ ඉල්ලා අස්වූයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය.

තමා එම තනතුර සඳහා ඉදිරිපත් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයිද ඔහු  සඳහන් කළේය.

පසුගිය මහමැතිවරණයේ දී තමාට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්ද අසූ හත් දහසක් ලබාදුන් බවත් ඒ කෘතවේදී ජනතාව ට තමා මේ අවස්ථාවේදී ස්තූතිය පුද කරන බවත් මුජුබර් රහුමාන් මහතා කීවේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මුජිබර් රහුමාන් කොළඹ පුරපති සටනට | Lanka Newsweek