අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මී උණ පැතිරෙයි..!

මී උණ පැතිරෙයි..!

(නිලන්ති චන්ද්‍රසේන) මී උණ රෝගීන් වාර්තාවීම මේ වසරේ වන විට ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. මේ වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 2691ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග…

(නිලන්ති චන්ද්‍රසේන)

මී උණ රෝගීන් වාර්තාවීම මේ වසරේ වන විට ඉහළ ගොස් ඇති බව  සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ වසරේ ගතවූ කාලය තුළ මී උණ රෝගීන් 2691ක් වාර්තා වී ඇති බව  සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ අතර වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් රත්න පුරා දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 436ක් වේ.මීට අමතරව කළුතර, ගම්පහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ද මී උණ වැළඳුණු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකශ කර සිටින්නේ මෙම රෝගය වැළඳුනු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ  කුඹුරු ආශ්‍රිත ප්‍රදේශවලින් බවයි.

මී උණ රෝගය  ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා  ගොවි ජනතාවට ඒ සඳහා  අවශ්‍ය ඖෂධ ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකශ කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මී උණ පැතිරෙයි..! | Lanka Newsweek