මීළඟ ජනපති පඹයෙක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ජනාධිපති වෙන්න පොරකන අපේක්ෂකයින් නොදන්නා කතාව..! (ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සහ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු) 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය හේතුවෙන්, පවතින ව්‍යවස්ථාව යටතේ මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන…
ජනාධිපති වෙන්න පොරකන අපේක්ෂකයින් නොදන්නා කතාව..!
(ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සහ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු)
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය හේතුවෙන්, පවතින ව්‍යවස්ථාව යටතේ මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන ජනාධිපතිවරයා, විධායක ජනපතිවරයෙකු නොව නාමමාත්රික ජනාධිපතිවරයකු පමණක් වීමෙන් රට තුල බරබතල දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදයක් විය හැකි යැයි දේශපාලන විචාරකයෝ වගේම ව්‍යවස්ථා විෂය ප්‍රවීණයෝ පවසති.
විශේෂයෙන්ම අවශ්‍ය විටෙක පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිවීම, අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් පහ කළ නොහැකිවීම, ඇමති මණ්ඩලය පත්කිරීම සහ සංශෝධනය කළ නොහැකිවීම, ඇමති ධුර දැරිය නොහැකිවීම ආදී විධායක බලතල, මීළඟ ජනාධිපතිවරයාගෙන් ඉවත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ දේශපාලන විචාරකයෙකු පැවසුවේ මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට සිටින ඇතැම් අපේක්ෂකයන් පවා මේ තත්ත්වය නිසි පරිදි තේරුම් ගෙන නොමැති බවය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව මීළඟට නාමමාත්රික ජනපති ධුරයක් මෙන්ම අස්ථාවර ආණ්ඩුවක් බිහිවන බව නීති විශාරදයකු වන ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා පැවසිය.
මෙම සංශෝධනය සකස් කරන ලද පුද්ගලයන් විසින් ආගම සහ ජාතිය පදනම් කරගෙන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කෙරෙහිද විශ්වාස කරමින් ගණිතමය සුත්‍රයක් සාදන්නාක් මෙන් ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කර තිබෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා එවැනි උපකල්පනයක් යටතේ සකස් කිරීම කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
19 වැනි සංශෝධනයට පෙර කැබිනට් මණ්ඩලය තේරීමට ජනපතිට තිබු බලතල මෙන්ම අවුරුද්දක කාලයක් ඉකුත් වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබු බලතල ද කප්පාදුවට ලක් කර ඇති බවත්, වෙනත් ඇමතිවරයෙකු ආරක්ෂක ඇමති ධුරයක් දැරීම තුළ ජනාධිපතිවරයා සේනාධිනායක පමණක් වීමද ගැටළු සහගත තත්ත්වයක් ඇති කොට එය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන්ද අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් ගණිතමය උපකල්පනයන් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති කළ නොහැකි බවත් මෙම සංශෝධනය සකස් කරන ලද අය 2015දී ලැබුණු ජනවරම ගැන අධි තක්සේරුවක් ජාති,ආගම සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය තමන්ට ලැබේවි යන්න උපකල්පනය කර 19 වැනි සංශෝධනය සකස් කර තිබෙන බවත් ඔහු විග්රහ කළේය.
අද රට ඇද වැටි තිබෙන තත්ත්වයට 19 වන ව්‍යවස්ථා සංශෝධනයද බලපා තිබෙන බවද ආචාර්ය ජයතිස්ස ද කොස්තා පෙන්වා දුන්නේය.
(රාවය)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
