මීළග ජනාධිපතිවරණයට ජනක රත්නායක තරඟ කරයි

තමා 2024 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ යැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තමා තරඟ කරන බව ජනක රත්නායක…
තමා 2024 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ යැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තමා තරඟ කරන බව ජනක රත්නායක මහතා "Neth" ගුවන් විදුලිය සමඟ සඳහන් කර තිබේ.
වසර හැත්තෑ පහක් තිස්සේ මෙරට පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා නව ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් තමා ඉදිරිපත් කරන බවද හෙතෙම කියා සිටියේය.
රටේ ආගමික නායකයන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වෘත්තීයවේදීන් සහ මහ ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම මත තමා මෙම තීරණය ගත් බවද ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.