මිල සූත්‍රය සඟවා වැඩි කළ ඉන්ධන මිල වහා අඩු කරනු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ඉන්ධන මිල සූත්‍රය වහා ප්‍රදර්ශනය කරනු..! (හේමන්ත තුෂිත කුමාර) මිල සූත්‍රය ජනතාවගෙන් සගවා ඉන්ධන මිල ඉහළ දැමීම තරයේ හෙළා දකින්නේ යැයි ද ඉන්ධන මිල සූත්‍රය වහාම ප්‍රදර්ශනය කරන ලෙසට ආණ්ඩුවට බල කර සිටින්නේ…
ඉන්ධන මිල සූත්‍රය වහා ප්‍රදර්ශනය කරනු..!
(හේමන්ත තුෂිත කුමාර)
මිල සූත්‍රය ජනතාවගෙන් සගවා ඉන්ධන මිල ඉහළ දැමීම තරයේ හෙළා දකින්නේ යැයි ද ඉන්ධන මිල සූත්‍රය වහාම ප්‍රදර්ශනය කරන ලෙසට ආණ්ඩුවට බල කර සිටින්නේ යැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ක්‍රියාත්මක කරන බව කී රජය මිල සූත්‍රය ජනතාවට නොපෙන්වා 2018/07/05 දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම අප සංවිධානය දැඩිව හෙළා දකින අතර මෙරට ජනතාවට ඉන්ධන මිල සූත්‍රය කුමක්දැයි බලා ගත හැකි අකාරයට මිල සූත්‍රය ප්‍රසිද්ධ කරන ලෙස රජයෙන් අප ඉල්ලා සිටිමු.
රාජ්‍ය දූෂණය ඉහවහා ගොස් ඇති මෙම අවස්ථාවේ එම දූෂණ නැවැත්වීම සදහා පිළියම් නොකරන රජය දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරමින් භාණ්ඩ හා සේවා මිල ඉහළ දැමීම සදහා කටයුතු කරමින් සිටී.මෙරට මැති ඇමතිවරැන් සුර සැප විදිද්දී ඔවුන් බලයට පත් කළ ජනතාවට එදා වේල සොයා ගැනීම සදහා දැඩි සටනක නියැලීමට සිදුව ඇත.
ඉතා කෙටිකාලයක් තුළ දෙවතාවක් ඉන්ධන මිල වැඩි කිරීමෙන් රජයේ කළමණාකරන හැකියාව මැනවින් ඉස්මතු වී ඇති අතර විෂය පිළිබදව මෙලොව දැනුමක් නොමැති ඇමතිවරැන් හා රාජ්‍ය නිළධාරීන් ලක්ෂ ගණනාවක් කොමිස් ගනිමින් ජනතාවගේ මුදල් මහ දවල් කොල්ල කෑම නිසා දිනෙන් දිනම ශ්‍රී ලංකාව ආර්ථික අගාදයකට ඇද දමමින් සිටින බව කිසිවෙකුටත් තේරුම් ගැනීමට නොහැකි වී ඇත්තේ රජය විසින් ජනතාවට කතා කීරීම සදහා විවිධ මාතෘකා විටින් විට කරළියට ගෙන ඒම නිසා බව අපගේ විශ්වාසයයි.
කෙසේ වෙතත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල සූත්‍රය වහා ජනතාවට බලා ගැනීම සදහා ප්‍රසිද්ධියට පත් කරන ලෙසය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1