අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මිය ගිය අයට රුපියල් මිලියනයක වන්දි මුදලක්..!

මිය ගිය අයට රුපියල් මිලියනයක වන්දි මුදලක්..!

ඊයේ (21) සිදු වූ පිපිරිමවලින් ජිවිතක්ෂයට පත් පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) අරලිය ගහමන්දිරයේ…

ඊයේ (21) සිදු වූ පිපිරිමවලින් ජිවිතක්ෂයට පත් පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) අරලිය ගහමන්දිරයේ දහවල් පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

සෑම මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් අවමංගල්‍ය කටයුතු වෙනුවෙන්  පළමුව රුපියල් ලක්ෂයක මුදලක් ද රුපියල් මිලියනක මුදල්ක්  වන්දි වශයෙන් ලබා දීමටත් රජය තීරණය කර තිබේ.

දැන්වීම

එමෙන්ම තුවාල වු අයට තුවාලවල ප්‍රමාණය නිරීක්ෂණය කිරීමෙන් පසු  රුපියල් ලක්ෂයක අවම මුදලක සිට රුපියල් ලක්ෂ 3 උපරිමය දක්වා වන්දි ලබා දීමටත් රජය තීරණය කළ බව රාජිත සේනාරත්න මහතා පැවසීය.

තවද පිපිරීම් හේතුවෙන්  විනාශ වු දේවස්ථාන අලුත්වැඩියා කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

<
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මිය ගිය අයට රුපියල් මිලියනයක වන්දි මුදලක්..! | Lanka Newsweek