මිනිස්සුන්ට රට එපාම වෙලා-විස්තරේ මෙන්න..!

2022 වර්ෂයේ ජනවාරි සිට ජුලි දක්වා වූ කාල සීමාවේ දී පමණක් පුද්ගලයින් 224,915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම තත්ත්වය ගෙවුණු වර්ෂ කිහිපය සමග සැසදීමේදී…
2022 වර්ෂයේ ජනවාරි සිට ජුලි දක්වා වූ කාල සීමාවේ දී පමණක් පුද්ගලයින් 224,915 ක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම තත්ත්වය ගෙවුණු වර්ෂ කිහිපය සමග සැසදීමේදී සැළකිය යුතු ලෙස ඉහළ යාමක් වන අතර 2022 සැප්තැම්බර් 30 වැනිදා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා නිකුත් කළ "Twitter" පණිවිඩයක දැක්වුණේ එම ප්‍රමාණය තව දුරටත් 233,756 දක්වා වැඩි වී ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ සිය දෙපාර්තමේන්තුව මේ වන විට මසකට සාමාන්‍යයෙන් විදේශ ගමන් බලපත්‍ර 78,000 ක් පමණ නිකුත් කරන බව වන අතර ඒ අනුව මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා වූ කාලය ඇතුළත දී නිකුත් කොට ඇති ගමන් බලපත්‍ර සංඛ්‍යාව 590,260 කි.
මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර කියා සිටින්නේ, ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ දිනට ලැබී ඇති අයදුම්පත් සියල්ලම ලබා ගනිමින් කාර්යාල වේලාවෙන් පසුවත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාව සිදු කරමින් සිටින බවය.