“මිනිස්සුන්ගේ ජීවන අරගලය මහ බැංකුව තේරුම් ගන්නේ නැහැ”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

උද්ධමනය අඩු කරන්න මහ බැංකුවට වුවමනාවක් නැහැ..! ජනපති-අගමැති උපදෙස් මහ බැංකුව නොතකා හැරලා..! (නිලන්ති මානෙල්) රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු අවශ්‍යතාවයක් හෝ උත්සහයක් ශ්‍රී ලංකා මහ බංකුවට නැතැයි එක්සත්…
උද්ධමනය අඩු කරන්න මහ බැංකුවට වුවමනාවක් නැහැ..!
ජනපති-අගමැති උපදෙස් මහ බැංකුව නොතකා හැරලා..!
(නිලන්ති මානෙල්)
රටේ උද්ධමනය පහළ දැමීමේ කිසිඳු අවශ්‍යතාවයක් හෝ උත්සහයක් ශ්‍රී ලංකාමහ බංකුවට නැතැයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
ජනතාවජීවත් වීම සඳහා කරන අරගලය මහ බැංකුවේ නිලධාරීන් කිසිදා තේරුම් නොගන්නා බවට ද රවී කරුණානායක මහතා චෝදනා කරයි. ඔහු මේ බව පැවසුවේ උතුරු කොළඹ මට්ටක්කුලිය, කාක දූපත පවිත්‍ර කර පරිසරය ආරක්ෂා කිරීම සඳහා පැවති ශ්‍රමදානයට එක් වෙමිනි.
මෙහිදීජනමාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා කියා සිටියේ රටේ ආර්ථිකය අගාධයකට මුහුණ දී ඇත්තේ මහ බැංකුවේ හිතුවක්කාර තීන්දු තීරණ නිසා වන අතර මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා වහාම පියවර ගත යුතු බවය.
වර්තමානයේ මහ බංකුවේ වග කියයුතු නිලධාරීන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මඟ පෙන්වීම් පවා කිසිඳු සැලකිල්ලට නොගන්නා බව ද ඔහු සඳහන් කළේය.
මහ බංකුවේ පූර්ණ ප්‍රතිසංවිධානයකින් තොරව රටේ ආර්ථිකය මෙහෙය වීම අසීරු බව පෙන්වා දුන් රවී කරුණානායක මහතා රටට ආයෝජකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් මහ බැංකුවට නොමැති බවත්, ණය ලබා ගැනීමේ දී, එම ණය මුදලට වඩා දෙගුණයක් වටිනා දේපළ රඳවා ගෙන සියයට පහළොවක පොලී ප්‍රතිශතයක් (15%) අය කිරීමෙන් ආයෝජකයන් සිය කර්මාන්තය හැර යන බව ද වැඩි දුරටත් අවධාරණය කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1