මිත්‍යාව පිටුපස දිවගිය ආණ්ඩුව අසත්‍ය සහ ප්‍රෝඩාව රටේ ප්‍රචලිත කරනවා

(හේමන්ත තුසිත කුමාර) දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැලී සිටින…
(හේමන්ත තුසිත කුමාර)
දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැලී සිටින බවත් ජනතාවට ඇත්ත හෙලි කරන මාධ්‍යවේදීන්ව,පුවත්පත් කර්තෘවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආණ්ඩුවක් මෙවැනි මහජන නියෝජිතයින්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට කටයුතු කිරීම පුදුමයක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද (30) පෙරවරුවේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක මනුෂ නානායක්කාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර ඔහු සමඟ එම ස්ථානයට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය අමතා මේ බව පැවසීය.
දත්ත මකාදැමීමේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා පවසා සිටියේ,ජනතාවට එන්නත ලබාදීම,රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම වැනි විද්‍යාත්මක කරුණු කාරණා ඉදිරිපත් කරන විට මිත්‍යාව පිටුපස දිවගිය ආණ්ඩුව අසත්‍ය සහ ප්‍රෝඩාව රට තුළ ප්‍රචලිත කළ බවය. නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වන්නේත් දත්ත මැකීමේ ක්‍රියාවලිය පිටුපස ඖෂධ මාෆියාව තිබෙන බව යැයි පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන් හෙළිදරව් කරන කාරණා අතිශය බරපතළ බව ද පැවසීය.
දැන්වීම
කොරෝනා මගඩිය ගජරාමෙට සිදුවෙමින් පවතින අතර ඒ සියල්ල අතර නැවතත් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ඉස්මතු කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව ද විපක්ෂ නායකතුමා පැවසීය.ජාතික ආරක්ෂාව යනු විශාල පරාසයක් බව පැවසූ විපක්ෂ නායකතුමා, එය තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඒ වෙනුවට බොරු බේගල් ඉදිරිපත් කරමින් ජනතාව මංමුලා කිරීම සහ ව්‍යාකූල කිරීම වගකිවයුතු ආණ්ඩුවකට තරම් නොවන බවත් පැවසීය.
මාධ්‍ය මර්දනය කරමින්, රාජ්‍ය සේවකයින් මර්දනය, මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස උල්ලංඝනය කරමින් රටක් ඉදිරියට ගෙන යාමට නොහැකි බව පැවසූ ඒ මහතා වර්තමාන ආණ්ඩුව මේ රටට ශෝචනීය ඉරණමක් අත් කොට ඇති බවද පැවසීය.
මේ රට තුළින් කිසිදු කොරෝනා මරණයක් හෝ කිසිදු කෝවිඩ් ආසාදිතයෙක් හමු නොවේවා යන්න තම ඒකායන ප්‍රාර්ථනය බව පැවසූ විපක්ෂ නායකතුමා සියල්ලට පෙර ජනතාවගේ ජීවිත ජීවිත ආරක්ෂාව පිළිබඳව වගකීමක් ඇති බවද පැවසීය.
මේ රටේ නිදහසින් පසු ඉතිහාසයේ කිසිම විපක්ෂයක් තම පක්ෂයේ ශක්තියෙන් රටට අගයක් එකතු කොට තිබේ දැයි හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙස පැවසූ විපක්ෂ නායකතුමා, එහෙත් සමගි ජන බලවේගය එකී වගකීම උපරිමයෙන් ඉටු කිරීමට උත්සාහ කරන බව පැවසූ අතර ,විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන එහි කදිම නිදසුනක් යැයි ද පැවසීය.