අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මැලේසියානු අගමැති ශ්‍රී ලංකා සංචාරය අරඹයි.

ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව අද (17) පෙරවරුවේ දිවයිනට පැමිණියහ. දිවයිනට පැමිණි මැලේසියානු…

ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව අද (17) පෙරවරුවේ දිවයිනට පැමිණියහ. දිවයිනට පැමිණි මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන , ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක , අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී රෝසී සේනානායක යන මහත්ම මහත්මීන් විසිනි. ශ්‍රී ලංකාවට පැමිණි මැලේසියානු අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ප්‍රධාන මැති ඇමැතිවරු මෙන් ම රජයේ ඉහළ පෙළ නිලධාරීන් විශාල පිරිසක් හමුවීමට නියමිත අතර ඔහුගේ පරිවාර ඇමතිවරයා ලෙස ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කරනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මැලේසියානු අගමැති ශ්‍රී ලංකා සංචාරය අරඹයි. | Lanka Newsweek