මැයි පළමු වෙනිදා නිවාඩුව අවලංගු කෙරේ
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) මැයි මස පළමු වෙනිදා ලෝක කම්කරු දිනය වෙනුවෙන් ලබා දී තිබු නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ. මේ පිලිබදව අදහස් දක්වන ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා…
(නිලන්ති චන්ද්‍රසේන)
මැයි මස පළමු වෙනිදා ලෝක කම්කරු දිනය වෙනුවෙන් ලබා දී තිබු නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ.
මේ පිලිබදව අදහස් දක්වන ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා ප්‍රකාශ කර සිටියේ මහා සඟ රත්නය රජයෙන් කල ඉල්ලීම සැලකිල්ලට ගෙන මේ තීරණය ගත් බවයි. ඒ අනුව මෙවර කම්කරු දින සැමරුම් උත්සව සියල්ල මැයි මස 07 වනදා පැවැත්වීමට තීරණය කර ඇති හෙයින් මැයි මස 07 වනදා රජයේ සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
නමුත් රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයෝ දැඩි විරෝධය පළ කරති.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1