අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මැතිසබේ අනංගයෝ කමිටුවත් අරක්ගෙන..?

මැතිසබේ අනංගයෝ කමිටුවත් අරක්ගෙන..?

විමර්ශන කමිටුව ලත් තැනම ලොප්..! කමිටු සභාපතිනිය පාලනාධිකාරියේ නිලධාරීන් සමග දැඩි මිත්‍රශීලී පවුල් සබඳතා සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් අවශ්‍යයි - මන්ත්‍රීවරියන්ගේ සංසදය පාර්ලිමේන්තුවේ තොරතුරු…


විමර්ශන කමිටුව  ලත් තැනම ලොප්..!

කමිටු සභාපතිනිය පාලනාධිකාරියේ නිලධාරීන් සමග දැඩි මිත්‍රශීලී පවුල් සබඳතා

සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් අවශ්‍යයි - මන්ත්‍රීවරියන්ගේ සංසදය

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ  දෙපාර්තමේන්තුවේ  සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව වින්දිත නිලධාරිනිය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි  විමර්ශන අතරමග නැවතී ඇතැයි වාර්තාවේ.

මෙම කමිටුව පසුගිය 14 වැනි සිකුරාදා රැස්වුණු අවස්ථාවේදීද වින්දිත නිලධාරිනිය එහි පෞද්ගලිකවම පෙනී සිටිමින් ඊට විරෝධය දක්වා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. එසේම කමිටුවට විරෝධය පළ කරමින් ඇය  පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියටද ලිඛිතව පැමිණිල්ලක් කර තිබේ.

නිලධාරිනිය දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි පැවසෙන්නේ එම කමිටුවේ සභාපතිනී හැන්සාඩ් සංස්කාරක නයනි ලොකු කොඩිකාරද සිල්වා මහත්මියටය. කමිටු සභාපතිනිය පාලනාධිකාරියේ ඇතැම් නිලධාරීන් සමග පවත්වනු ලබන බව කියන දැඩි මිත්‍රශීලී පවුල් සබඳතා නිසා  විමර්ශනයේදී තමාට දැඩි අවාසියක් සිදුවිය හැකි බව පවසමින් ඇය කමිටුවට මෙසේ විරෝධය දක්වා ඇත.

දැන්වීම

සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් මූලික විමර්ශනයක් පවත්වා ඇති හෙයින් සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කරන ලෙස වින්දිත නිලධාරිනිය එහිදී දැඩිව ඉල්ලා ඇතැයිද  දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනටමත් මූලික පරීක්ෂණයක් පවත්වා ඇති හෙයින්  සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කිරීම සුදුසු බව තමාගේද අදහස බවයි.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් නොපමාව පවත්වන ලෙස මන්ත්‍රීවරියන්ගේ සංසදය ලෙස  කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවාය. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් පවසන්නේද මේ සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය බවයි.

(අචින්ත මධුර)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මැතිසබේ අනංගයෝ කමිටුවත් අරක්ගෙන..? | Lanka Newsweek