මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාධාරණ සමාජය ජනපති කොමිසමට කරුණු දක්වයි

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට අදාළව සිදු විය යුතුව ඇති ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් ඊට අදාළ ජනාධිපති කොමිසම වෙත ලිඛිතව සහ වාචිකව කරුණු දක්වා ඇත. මේ…
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට අදාළව සිදු විය යුතුව ඇති ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් ඊට අදාළ ජනාධිපති කොමිසම වෙත ලිඛිතව සහ වාචිකව කරුණු දක්වා ඇත.
මේ සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට අදාළව සිදු විය යුතුව ඇති ප්‍රතිසංස්කරණයන් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ යෝජනාවලිය ඒ සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසම් සභාව වෙත ඉදිරිපත් කරමින් කරුණු දැක්වීම 2024.01.22 වැනිදා සිදු විය.
දැන්වීම
එහිදි පළාත් පාලන, පළාත් සභා, මහ මැතිවරණ හා ජනාධිපතිවරණයට අදාළව සිදු කළ යුතුව ඇති ප්‍රතිසංස්කරණයන් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කලින් යොමු කර තිබු ලිඛිත යෝජනා පදනම් කර ගනිමින් කොමිසම වෙත තවදුරටත් වාචිකව කරුණු දක්වන ලද අතර එහිදි තරුණ හා කාන්තා නියෝජනය, පළාත් පාලන ව්‍යුහයන්ට අදාළව සිදු කළ යුතුව ඇති වෙනස්කම්, මැතිවරණ වියදම් සීමා කිරීම, මනාප ක්‍රමය සඳහා වන නව යෝජන, මැතිවරණ නීතී මෙන්ම මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඒ්කක පිළිබඳව වන යෝජනා සහ විද්‍යුත් ක්‍රමවේදය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට මතුව ඇති යෝජනාව පිළිබඳව ද සවිස්තරාත්මක ලෙස කරුණු දැක්වීමක් සිදු කරන ලදි.
ජනාධිපති කොමිසමේ සභාපති හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ අනෙකුත් කොමසාරිස්වරුන් හා කොමසාරිස්වරියන් අට දෙනා සහ කොමිසමේ ලේකම්වරයා හමුවේ එම කරුණු දැක්වීම සිදු කරන ලද්දේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුකමිටුවේ සභාපතිනිය වන ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් විසිනි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එහිදී ඉදිරිපත් කරන ලද යෝජනා අදහස් පදනම් කරගනිමින් ඉදිරියේදි තවත් අවස්ථාවක කරුණු දැක්වීම සඳහා ද එහිදි කොමිසම එකඟත්වය පළ කරන ලදි.