මැතිවරණය පෙබරවාරි 10-නීති කැඩුවොත් බලාගන්න පුළුවන්

(සුජිත් මංගල ද සිල්වා) දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වනදා පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18) නිවේදනය කළේය.…
(සුජිත් මංගල ද සිල්වා)
දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 වනදා පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18) නිවේදනය කළේය.
මේ දිනය තීරණය කළේ දේශපාලකයින් ඇතුළු කිසිදු පාර්ශවයක කිසිදු අවශ්‍යතාවක් මත නොවන බව අවධාරණය කළ මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ නීති රීති උල්ලංඝණය කරන දේශපාලකයින් ඇතුළු ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසම සූදානම් බව ද අවධාරණය කළේය.
දැන්වීම
මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ කොළඹ මැතිවරණ කොමිෂන් සභාවේදී(18) පැවතී විශේෂ ප්‍රවෘති සාකච්ඡාවේදීය.
රාජ්‍ය දේපොළ,මුදල් සහ සම්පත් අව භාවිතය කිරීමටත් ජාතිවාදය සහ ආගම වාදය ඇවිස්සීමටත් දේශපාලකයින් ඇතුළු කිසිවකුට ඉඩ නොතබන බව අවධාරණය කළ මහින්ද දේශප්‍රිය මහතා හැකිනම් මේ මැතිවරණ නීති රීති උල්ලංඝණය කර පෙන්වන්නයි ද අභියෝග කළේය.
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරි පත් කෙරුණු ඇතැම් නාමයෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ආසාවට නොව නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවර පිළිබඳ දැනුම්වත් කර තිබුණ ද ඊට අනුව කටයුතු නොකිරීම නිසා යැයි ද මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය.