මැතිවරණය කල් දැම්මොත් GSP අහිමි වෙයි

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනතුරු අඟවයි කුමන්ත්‍රණකාරී ලෙස පළාත් පාලන මැතිවරණය කල් දැම්මොත් ICC PR යටතේ රටට GSP ප්ලස් බදු සහනය අහිමි වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල…
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනතුරු අඟවයි
කුමන්ත්‍රණකාරී ලෙස පළාත් පාලන මැතිවරණය කල් දැම්මොත් ICC PR යටතේ රටට GSP ප්ලස් බදු සහනය අහිමි වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (21) අනතුරු අඟවා සිටී අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.
"අපේ රටේ ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාට පස්සේ මැතිවරණය සාර්ථක කර ගන්න සියලු රාජ්‍ය ආයතන ඊට සහයෝගය ලබා දෙන්න ඕනි.එහෙම සහයෝගය ලබා දෙන්නේ නැතිනම් සහයෝගය ලබා නොදෙන රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානින්ට වසර තුනක් දක්වා සිර දඬුවම් නීති මාර්ග ඔස්සේ ලබා දෙන්න පුළුවන්.
අද මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය ප්‍රකාශ කළාට පස්සේ මුදල් අමාත්‍යාංශය කියනවා මුදල් ලබා දෙන්න බෑ කියලා. රජයේ මුද්‍රණාලාධිපතිනිය කියනවා ඡන්ද පත්‍රිකා අච්චු ගහන්න බෑ කියලා.රජයට වගකීමක් තියනවා මැතිවරණයට අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසමට ලබා දෙන්න.
පළාත් පාලන මැතිවරණය අවිනිශ්චිත තත්ත්වයකට පත් වෙලා තියෙනවා. නාම යෝජනා දී ලා මුදල් වියදම් කරලා රාජ්‍ය සේවකයන් සේවයෙන් ඉවත් වෙලා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ICC PR යටතේ මැතිවරණය පැවැත්වූයේ නැති නම් අපේ GSP සහනය අහිමි වෙනවා. දැනටමත් ජපානය සහ ජර්මනිය වැනි රටවල් අපේ රටේ ව්‍යාපාර අත්හැරලා යනවා.මොකක්ද මේ කරන්නේ."