අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ

මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ

ආණ්ඩුවේ ජන පදනම 16% දක්වා කඩා වැටිලා ඇමරිකානු සමීක්ෂණයකින් හෙළි වෙලා ආණ්ඩුව පළාත් සභා-පළාත් පාලන මැතිවරණ නොපවත් වන්නේ ඒ නිසයි මහා මැතිවරණය අභියෝගයක් වීම අහම්බයක් ද..? රටට-ජනතාවට සජිත් හැර විකල්පයක්…

ආණ්ඩුවේ ජන පදනම 16% දක්වා කඩා වැටිලා 

ඇමරිකානු සමීක්ෂණයකින් හෙළි වෙලා 

ආණ්ඩුව පළාත් සභා-පළාත් පාලන මැතිවරණ නොපවත් වන්නේ ඒ නිසයි 

මහා මැතිවරණය අභියෝගයක් වීම අහම්බයක් ද..?

රටට-ජනතාවට සජිත් හැර විකල්පයක් නැහැ 

මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ

ජනාධිතිවරයා ප්‍රධාන ආණ්ඩුව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ මැතිවරණ නොපවත් වන්නේ එම මැතිවරණ පැවැත් වුව හොත් ඇපත් නොමැති වන බව දන්නා නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. 

බැසිල් රාජපක්ෂ පම්පෝරි ගහන ආකාරයට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව කිසිදු මැතිවරණයකට බිය නොමැති අතර ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට ලෑස්ති නම් මෙසේ දින නියමයකින් තොරව ඒ ඒ මැතිවරණ කල් තබන්නේ කිනම් පදනමක් යටතේ දැයි ද හෙතෙම ප්‍රශ්න කර සිටියේය.

දැන්වීම

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ කියා සිටියේ, "lankanesweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය. 

ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බව ද, කිසිම මැතිවරණයකට ආණ්ඩුව බිය නොමැති අතර ජනතාව සිටින්නේ ආණ්ඩුව සමග බව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුන පුනා කියනවා. බැසිල් රාජපක්ෂ එසේ පම්පෝරි ගසද්දී, ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව කිසිදු ලැජ්ජාවකින් සහ බියකින් තොරව ඒ ඒ මැතිවරණ කල් තබමින් සිටිනවා.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා පම්පෝරි ගසන ආකාරයට ඒ අය ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න ලෑස්ති නම් සහ කිසිදු මැතිවරණයකට බිය නොමැති නම් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ දින නියමයකින් තොරව කල් දැමීමට ආණ්ඩුව ක්‍රියා කළේ ඇයි..? ආණ්ඩුව ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට ලෑස්ති නම් සහ කිසිදු මැතිවරණයකට බිය නොමැති නම් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ මෙසේ දින නියමක් නොමැතිව කල් දැමීමේ පදනම කුමක්ද..?

ඇත්ත කතාව නම් මේ මොහොතේ කිනම් මැතිවරණයක් පැවැත් වුවත් ඒ ඕනෑම මැතිවරණයකින් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට ඇපත් නොමැති වන බව ආණ්ඩුව හොඳින්ම දන්නවා. ඇමරිකානු ජන සමීක්ෂණ ආයතන කිහිපයක් යොදවා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා රට පුරා සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ ජන පදනම 16% දක්වා ශීඝ්‍ර ලෙස පහත වැටී තිබෙන බව එම ඇමරිකානු සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබෙනවා.

ඇත්ත වශයෙන්ම මේ තත්ත්වය හමුවේ ආණ්ඩුව සිටින්නේ, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පමණක් නොව නිසි කාලයට මහා මැතිවරණයවත් පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයකයි. ආණ්ඩුවට ඇපත් නැහැ. රට පුරා ජනයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය වටා එකට ඒකරාශී වෙමින් සිටිනවා. ආණ්ඩුව ඒ බව හොඳින්ම දන්නවා. සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය හැර විකල්පයක් නැහැ.       

වසර දෙකට වරක් කුමන හෝ මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක පිළි ගත් ක්‍රමවේදය වන අතර ඊට හොඳම උදාහරණය වන්නේ ඉන්දියාව සෑම විටම ඉදිරි වර්ෂ පහ ඇතුළත දී පැවැත් විය යුතු ඒ ඒ මැතිවරණ සඳහා ව්‍යවස්ථා සහ මැතිවරණ නීති රීති අනුව අදාළ දින පවා කල් ඇතිව වෙන් කර තිබීමයි. එසේ සෑම වර්ෂ දෙකකටම වරක් කුමන හෝ මැතිවරණයක් පැවැත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් වන අතර ජන මතය  සලකා බලා සිය වැරදි නිවැරදි කර ගැනීමට ආණ්ඩුවට වගේම විපක්ෂයට ද අවස්ථාව උදා වනවා.

ඒ ඒ මැතිවරණ සඳහා දින නියම කර නොමැති නමුත් අපේ රටේ ව්‍යවස්ථාව අනුව ද සෑම අවුරුදු දෙකකටම වරක් කිසියම් මැතිවරණයක් පැවැත් විය යුතුයි. නමුත් ඒ සඳහා ව්‍යවස්ථාවෙන්ම දින නියම කර නොමැති නිසා ඒ ඒ මැතිවරණ කල් දැමීමට අපේ රටේ ආණ්ඩුවලට හැකි වී තිබෙනවා. මේ ආණ්ඩුව මෙසේ ඒ ඒ මැතිවරණ දින නියමයකින් තොරව කල් තබා තිබෙන්නේ ඒ අනුවයි. පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණ පැවැත් වුව හොත් ඇපත් නැති වන බව දැන දැනම ආණ්ඩුව මැතිවරණ පවත්වයි ද..?  

මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ | Lanka Newsweek