අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මැතිවරණයක් එන තුරු ඉවසන්නැයි මහින්ද ජනතාවගෙන් ඉල්ලයි

මැතිවරණයක් එන තුරු ඉවසන්නැයි මහින්ද ජනතාවගෙන් ඉල්ලයි

ඒ වුණාට රනිල්ගේ අයවැයත් ධනාත්මකයිලු 2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෙසේ නමුත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන තුරු…

ඒ වුණාට රනිල්ගේ අයවැයත් ධනාත්මකයිලු 

2023 අයවැය ධනාත්මක අයවැයක් බැවින් ජනතාවට ඉදිරියේදී සහන ලැබෙනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ නමුත් මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන තුරු ඉවසීමෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී මහින්ද රාජපක්ෂ මහතා ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් එනමුත් ඒ සඳහා කල් තිබෙන බවත් කියා සිටියි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඔහු ඉරිදා (11) පස්වරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදීය.

දැන්වීම

එදින පස්වරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුඳා ගෙන ආශිර්වාද ලබා ගත්තේය. ලබාගත්තේ ඉන් අනතුරුවය.

මේ අතර රුවන්වැලි මහ සෑ පුදබිම වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව රුවන්වැලි මහ සෑ රඳුන් වැඳපුදා ගත්තේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ජනමාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ මෙසේය. 

ප්‍රශ්නය - අයවැය ගැන ස්ථාවරය කුමක්ද..?

‍‍"මම හිතන්නේ මේක ධනාත්මක අයවැයක්. අයවැයෙන් බලාපොරොත්තුවන සහන අනාගතයේදී ලැබෙයි."

ප්‍රශ්නය - මැතිවරණයක් එනවා ද..?

"මැවරණයක් ආවොත් ඉතින් ඒකට ලෑස්ති වෙනවා. තාම එහෙම බලාපොරොත්තුවක් නැහැ. කල් තියෙනවා ඕනේ තරම්."

ප්‍රශ්නය - ජනතාවට මොනවගේ පණිවුඩයක්ද දෙන්නේ ? 

"අපි කියන්නේ ජනතාවට ඉවසීමෙන් කටයුතු කරන්න කියලා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මැතිවරණයක් එන තුරු ඉවසන්නැයි මහින්ද ජනතාවගෙන් ඉල්ලයි | Lanka Newsweek