මැකො දේශපාලන පක්ෂ කැඳවයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

මැතිවරණ කොමිෂන් සභාව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා අද(11) සවස පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මෙහිදී පළාත් සභා…
මැතිවරණ කොමිෂන් සභාව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා අද(11) සවස පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
මෙහිදී පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යෑම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ විරෝධය දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත දැක්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
මීළඟ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ අලුත් ක්‍රමයට හෙවත් කොට්ඨාස ක්‍රමයට ද එසේත් නැත්නම් පැරැණි මනාප ක්‍රමයට ද යන්න තීරණය කිරීමද මෙහිදී සිදුවීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍යවන නීතිමය පසුබිම පිළිබඳවද දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
මීළඟ පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර සියලු පක්ෂ මේ වනවිට තීරණය කර ඇති අතර ඒ බව අද දින පැවැත්වෙන සාකච්ඡාවේදී කොමිෂම වෙත දැනුම් දීමට ද තීරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1