අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාස හයකින් විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක්..!

මාස හයකින් විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක්..!

(හේමන්ත තුසිත කුමාර) පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටිල තියෙනවා තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගිහිල්ලා. ඒ වගේ අය පිළිබඳ සොයා බලලා ඔවුන්ට සහනයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම දීර්ඝකාලීන චෝදනා…

(හේමන්ත තුසිත කුමාර)

පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටිල තියෙනවා තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගිහිල්ලා. ඒ වගේ අය පිළිබඳ සොයා බලලා ඔවුන්ට සහනයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. 

ඒ වගේම දීර්ඝකාලීන චෝදනා පත්‍ර තියෙන සමහරු ඉන්නවා. සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට තිස් පස් දෙනෙකුට මෙම චෝදනා පත්‍ර නිසා උසස්වීම් නොලැබෙන තත්ත්වයක් තිබ්බා. මේ තත්ත්වය උදාවෙලා තිබ්බේ අපේ යාන්ත්‍රණයේ තිබ්බ අඩුපාඩුකම් නිසා.

අපේ අමාත්‍යංශ ලේකම්තුමයි, පොලිස්පතිතුමයි දැන් මේ පිළිබඳ විශ්ලේෂණය කරගෙන යනවා. මීට අමතරව ආයතන සංග්‍රහයට අනුව මාස හයක් ඇතුළත එම චෝදනා පත්‍ර විභාග කර අවසන් කළේ නැත්නම් ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. 

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා මේ බව පැවසූයේ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනේදීය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාස හයකින් විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක්..! | Lanka Newsweek