අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාලිමාවට සියයට 80ක ජන වරමක්-බුද්ධි අංශ රජයට දැනුම් දෙයි

මාලිමාවට සියයට 80ක ජන වරමක්-බුද්ධි අංශ රජයට දැනුම් දෙයි

පළාත් පාලන මැතිවරණයෙන් 80% ක ජන වරමක් ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයා ප්‍රධාන රජයට දැනුම් දී ඇතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙම වාර්තාවන් හේතුවෙන්…

පළාත් පාලන මැතිවරණයෙන් 80% ක ජන වරමක් ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයා ප්‍රධාන රජයට දැනුම් දී ඇතැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

මෙම වාර්තාවන් හේතුවෙන් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවට චෝදනා කළ අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නැති කරන්න ආණ්ඩුව අටවන උගුල පරාජය කරන බවද කියා සිටියි.

ජන මතයට බියෙන් මැතිවරණ සිතියම හකුලා දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය ගන්නා සියලු ක්‍රියාමාර්ග සහ සිදු කරන කුමන්ත්‍රණ පරාජයට පත් කරනවා යැයි ද අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාලිමාවට සියයට 80ක ජන වරමක්-බුද්ධි අංශ රජයට දැනුම් දෙයි | Lanka Newsweek