මාලදිවයින් හිටපු ජනපති සිපිරිගෙට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම්ට මාස 18 ක සිරදඬුවමක් නියමකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුට එල්ල වී තිබූ නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනා වන්ට…
(නිලන්ති චන්ද්‍රසේන)
මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම්ට මාස 18 ක සිරදඬුවමක් නියමකර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුට එල්ල වී තිබූ නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනා වන්ට ඔහු වරදකරු වීම හේතුවෙන් ඔහුට එලෙස දඬුවම් නියම කර ඇති බවයි.
මාලදිවයින් අධිකරණයෙන් ජනාධිපතිවරයාට අමතරව එරට අගවිනිසුරුවරයකු වූ අබ්දුල්ලා සයීඩ් සහ විනිසුරුවරයකු වූ අලි හමීඩ්ට ද මාස 18 ක සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වේ. ඔවුන් දෙදෙනාට මෙලෙස එල්ල වූ චෝදනාව වුයේ පොලිස් පොලිස් විමර්ශන සඳහා සිය ජංගම දුරකථන ලබාදීම ප්‍රතික්ෂේප කිරීමයි.
මේ පිළිබඳව අදහස් දක්වන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය මෙය පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමේ අරමුණින් ලබාදී ඇති තීන්දුවක් බව ප්‍රකශ කර සිටි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1