මාරාන්තික රිය අනතුරකින් දෙදරු පිය මාරු දකී

අධි වේගී මාර්ගය දෙස සිට අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථයක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු යට කරමින් අසල නිවසකට කඩා වැදී තිබූ බව පොලිසිය පවසයි . කොළඹ කටුනායක අධි වේගී මාර්ගයේ බෝපිටිය…
අධි වේගී මාර්ගය දෙස සිට අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථයක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකු යට කරමින් අසල නිවසකට කඩා වැදී තිබූ බව පොලිසිය පවසයි .
කොළඹ කටුනායක අධි වේගී මාර්ගයේ බෝපිටිය පිවිසුමේදී මෙම අනතුර සිදුව තිබේ.අනතුරින් මිය ගොස් තිබුණේ පරණ අම්බලම උස්වැටකෙයියාව පදිංචි සුරේෂ් රොෂාන් නම් අවු 43ක් වයස දෙදරු පියෙකි.
අධික වේගයෙන් පැමිණි කන්ටේනර් රථය මාර්ගය මැද ඇති දූපත උඩින් පැමිණ මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරු පැදි කරුවෙකු ද යට කරමින් අසල පිහිටි නිවසටද බරපතළ හානි සිදු කර තිබේ.
එහිදී යතුරු පැදිය සුණු විසුණු වී ගොස් යතුරු පැදියේ ගමන් ගත් සුරේෂ් රොෂාන් යන පුද්ගලයා එම ස්ථානයේදීම මරණයට පත් විය.