අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාර්තුවේ මැතිවරණයක් නොතිබ්බොත් රටම ලේ විලක් වෙයි

මාර්තුවේ මැතිවරණයක් නොතිබ්බොත් රටම ලේ විලක් වෙයි

2023 මාර්තු මාසයට පෙර කුමන හෝ මැතිවරණයක් නොතිබ්බොත් ජනතා පීඩනය පුපුරා ගොස් රටම ලේ විලක් වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අනතුරු අඟවා සිටියි. ජනමාධ්‍ය හමුවේ…


2023 මාර්තු මාසයට පෙර කුමන හෝ මැතිවරණයක් නොතිබ්බොත් ජනතා පීඩනය පුපුරා ගොස් රටම ලේ විලක් වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අනතුරු අඟවා සිටියි.

ජනමාධ්‍ය හමුවේ ප්‍රක්ෂයක් කරමින් මේ බව අවධාරණය කර සිටී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.

"වර්තමාන මැතිවරන ක්‍රමය හැදුවෙ වත්මන් ජනධිපතිතුමා...ඒ කියන්නේ යහ පාලන කාලයේ අගමැතිතුමා. එතකොට දිනේෂ්  ගුණවර්ධන මැතිතුමා තමයි මේ ක්‍රමය හැදුවේ.මොකද දිනෙශ් ගුණවර්ධන මැතිතුමා තමයි 2012 මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිසංස්කරන කමිටුවේ සභාපති. 2017 අපි බලයට පත් වුණාම රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිනෙශ් ගුණවර්ධන මැතිතුමාට කිව්වා මේක ඉස්සරහට කර ගෙන යන්න කියලා. එතකොට දිනෙශ් ගුණවර්ධන එදා ඇමති කාලයේ 2000 හිටපු සභික සංඛයාව 4000ක් කළා. 2017 අපේ ආණ්ඩුව ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කාන්තාවන්ට විශේෂ අවස්ථාවක් දෙන්න ඔනේ නිසා සභික සංඛයාව 8000ක් කළා. මේක දිනේශ් ගුණවර්ධන  මැතිතුමා සහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනාපු ක්‍රමයක්.මේක නරක් වෙන්න බැ දැන්. දැන් 8000 වැඩියි කියලා නීති වෙනස් කරන්න හදනවා. මම පැහැදිලිවම කියනවා කාන්තා නියොජනය අවශ්‍යයි. සමගි ජන බලවේගය වශයෙන් කාන්තා නියොජනය අඩු කිරීමට විරුද්ධව අපි කටයුතු කරනවා. පුදුම වැඩේ කියන්නෙ එක මැතිවරණයයයි මේ වත්මන් ක්‍රමය යටතේ තිබ්බෙ. එක මැතිවරණයකින් පස්සෙ කොහොමද මේක නරකයි කියන්නේ..? අපි පැහදිලිවම කියනවා මොන ක්‍රමයක් හරි කමක් නැ මර්තු මාසයට කලින් ඡන්දය තියන්න ඔනේ. මොකද ජනතාවගේ පිඩනය පිට කරන්න මොකක් හරි ඡන්දයක් වහාම තියන්න ඔනේ. නැතිනම් මේක ලේ විලක් වෙයි."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාර්තුවේ මැතිවරණයක් නොතිබ්බොත් රටම ලේ විලක් වෙයි | Lanka Newsweek